අධිකරණයේ ස්වාධීනත්වය, අධිකරණය පිළිබඳ වගකීම් සහගත විමර්ශනය සහ යුක්තිය පසිඳලීමේ පද්ධතිය පිළිබඳ ප්රකාශනයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලිපියක් මඟින් නිකුත් කර තිබෙනවා.
" ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවන සංශෝධනය " යනුවෙන් නම් කර ඇති පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ අයිතිවාසිකම් හා යහපත සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු වන බැවින්, එම සංගමය (BASL) ප්‍රතිපත්තිමය පදනමක් මත එයට විරුද්ධ ස්ථාවරයක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව, යෝජිත සංශෝධනයේ ව්‍යවස්ථානුකූල භාවය ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇති අතර මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වුවහොත්, විසි දෙවන සංශෝධනයෙන් ප්රතිලාභ ලබන පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වන්නේ ගරු අගවිනිසුරුතුමා බව නිරීක්ෂණය වන බවයි නීතිඥ සංගමය සිය ලිපිය මඟින් දක්වා ඇත්තේ.
ඒ අනුව 2026 දෙසැම්බර් 1 වැනි දින අවසන් වීමට නියමිත ගරු අගවිනිසුරුතුමාගේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා මෙම සංශෝධනය කඩිනමින් ඉදිරියට ගෙන යන බවට පුළුල් මතයක් පවතින බව අදාළ ලිපිය තුළ සඳහන්.
මෙම පසුබිම තුළ, මෑත කාලයේදී වත්මන් ගරු අගවිනිසුරුතුමා ඇතුළු අධිකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු අතරතුර මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද විවිධ චෝදනා ඉදිරිපත් වන ආකාරය නිරීක්ෂණය වූ බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙනවා.
මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද සමාජ මාධ්‍ය සහ වෙනත් වේදිකා ඔස්සේ කිසිදු පදනමක් නොමැති ප්‍රහාර වලට ලක්ව ඇති බවද අදාළ ලිපියේ සඳහන් .
මහජන බලය ක්‍රියාත්මක කරන සෑම ආයතනයක් මෙන්ම අධිකරණය ද නීත්‍යානුකූල විමර්ශනයට සහ වගවීමට යටත්ව පැවතිය යුතු බවත් ඔවුන් සිය ලිපියේ දක්වා තිබෙනවා.
නඩු තීන්දු, විනිසුරුවරුන්ගේ හැසිරීම සහ යුක්තිය පසිඳලීම සාධාරණ, කරුණු මත පදනම් වූ සහ වගකීම් සහගත විවේචනයට ඉඩ ඇතත් අගවිනිසුරුවරයා ඇතුළු අධිකරණයේ ඕනෑම විනිසුරුවරයෙකු සම්බන්ධයෙන් විශ්වසනීය කරුණු හෝ චෝදනා මතු වන්නේ නම්, ඒවා වෛෂයිකව විමර්ශනය කර, සාධාරණත්වයට සහ නිසි ක්‍රියාපටිපාටියට ගරු කරමින්, පවතින සුදුසු ව්‍යවස්ථාමය සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි ඔස්සේ විමර්ශනය කළ යුතු බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ.
එමෙන්ම, තනි තනි විනිසුරුවරුන්, නීතිඥවරුන් සහ අනෙකුත් පුද්ගලයන් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමේදී සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බව අදාළ ලිපිය මඟින් ඔවුන් අවධාරණය කර තිබෙනවා.
තහවුරු නොකළ චෝදනා මත පදනම් වූ පුද්ගලික ප්‍රහාර මගින් යුක්තිය පසිඳලීම කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටීමටත්, අධිකරණ ක්‍රියාවලියේ සහ සමස්ත යුක්ති පද්ධතියේ ස්වාධීනත්වයට හා අඛණ්ඩතාවට බලපෑම් ඇති වීමටත් ඉඩ ඇති බවද අදාළ ලිපියේ සඳහන්.
අධිකරණයේ ස්වාධීනත්වය කිසිදු පුද්ගලයකු නීත්‍යනුකූල විමර්ශනයෙන් හෝ වග වීමෙන් ආරක්ෂා කිරීම සඳහා අදහස් කරන ලද්දක් නොවන අතර එය ආරවුල් අපක්ෂපාතීව විසඳනු ලබන බවත්, පුද්ගල අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍යය සහ ව්‍යවස්ථාමය පර්යාය ආරක්ෂා වන බවත් සහතික කරන, ජනතාව වෙනුවෙන් පවතින ආරක්ෂණයක් බවත් නීතිඥ සංගමය සිය ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට : දක්ෂතාවය මීටර් 89.04
Local
06 September 2026
73 වන ලෝක රූ රැජින කිරුළ ඩොමිනිකන් ජනරජයේ ජොහෙයිරි මොලාට
Local
05 September 2026
දෙහි බාලේ මල්ලිගේ ජාලයේ දැවැන්ත ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි : දෙදෙනෙක් අත්අඩංගුවට
Local
05 September 2026
ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවේ
Local
05 September 2026
ලෝක ශූර රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් කිරුළ වෙනුවෙන් අද මධ්‍යම රාත්‍රියේ තරග බිමට
Local
05 September 2026
අමෙරිකානු යුද නැව්වලට ඉරානයෙන් මිසයිල ප්‍රහාර: අමෙරිකාවෙන් ප්‍රතිප්‍රහාර දී ඉරාන තෙල් නැව් 3ක් විනාශ කරයි
Local
05 September 2026
තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක සිටි තවත් තිදෙනෙක් මුදාගැනේ
Local
05 September 2026
නේපාලයේ ආපදාවෙන් දින 10ක් උමගක සිරවී සිටි චීන ජාතිකයා බේරාගැනේ
Local
05 September 2026
බොරලැස්ගමුවේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය පන්නිපිටියෙන් හමුවෙයි
Local
05 September 2026
ඉතාලි ෆෝමියුලා තරගාවලියේ ස්ප්‍රින්ට් අදියරෙන් යෙවාන් ඩේවිඩ්ට 4 වැනි ස්ථානය
Local
05 September 2026