General28 August 2026

ගත වූ දින 2ට අධිවේගයෙන් කෝටි 12 ක් ඉක්ම වූ ආදායමක්

පසුගිය දින දෙක තුළ පමණක් මෙරට අධිවේගී මාර්ග පද්ධතිය හරහා රුපියල් දොළොස් කෝටි 45 ලක්ෂ 74,000 කට අධික ආදායමක් උපයා තිබෙනවා.

එම දින දෙක තුළ සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය භාවිතා කර ඇති මුළු වාහන සංඛ්‍යාව 3,25,310 ක්.

ඒ අනුව පසුගිය 26 වන දා රථ වාහන 1,63,763 ක් ගමන් කර ඇති අතර, එදින උපයා ඇති ආදායම රුපියල් 6 කෝටි 40 ලක්ෂ 9,000 කට අධික බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම , ඊයේ (27) දිනයේදී ද අධිවේගී මාර්ග පද්ධතිය හරහා රථ වාහන 1,61,553 ක් ගමන් කර ඇති අතර, එදින ලැබී ඇති ආදායම රුපියල් 6 කෝටි 41 ලක්ෂ 64,000 කට අධික බව ද සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes