රජරට මහා වාරි පද්ධතියට එක්වීමට නියමිත පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (29) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
මීට වසර 10කට පමණ පෙර ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය විවිධ හේතු මත අතරමග නතර වී තිබූ අතර, වත්මන් රජය යටතේ එය යළි ආරම්භ කර තිබෙනවා.
2026 වසර සඳහා පමණක් රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, සම්පූර්ණයෙන්ම දේශීය අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘතිය 2029 වසරේ අවසන් කිරීමට නියමිතයි.
තන්තිරිමලේ බෝගොඩ ප්‍රදේශයේ මල්වතුඔය හරස් කර ඉදිකෙරෙන මෙම ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 169,400ක්.
ව්‍යාපෘතිය අවසන් වූ පසු එය උතුරු මැද පළාතේ විශාලතම ජලාශය බවට පත්වීමට නියමිතයි.
අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුම් ලබාදීම, කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සැපයීම, ගංවතුර පාලනය, ජල විදුලි උත්පාදනය මෙන්ම සංචාරක සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු අතර වනවා.
ජලාශය ඉදිකිරීමෙන් පසු මන්නාරම දිස්ත්‍රික්කයේ යල සහ මහ කන්න දෙකේම කුඹුරු අක්කර 40,000ක් වගා කිරීමට හැකියාව ලැබෙන බවද සඳහන්.
නිරීක්ෂණ චාරිකාවේදී ව්‍යාපෘති නිලධාරීන් සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා, ඉදිකිරීම් අතරතුර මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳවද සොයා බැලුවා.
එමෙන්ම ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන පවුල් 315ක ගැටලු පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා.
එම පවුල් සඳහා ඉඩම් ලබාදී, විදුලිය සහ පානීය ජල පහසුකම් සහිත නිවාස ලබාදීමටත්, සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන උස්සාන වාරිමාර්ග ඔස්සේ සුහුරු කෘෂිකාර්මික කටයුතු සඳහා ඔවුන් යොමු කිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
මේ වන විට කිලෝමීටර් 3.4ක් දිග ප්‍රධාන බැම්මේ ඉදිකිරීම් සියයට 60කින් පමණ අවසන් කර ඇති අතර, දකුණු ඉවුරු සොරොව්වේ ව්‍යුහාත්මක කොටස්ද නිම කර තිබෙනවා.
ව්‍යාපෘතියට අදාළ විදුලි බලාගාරයේ ඉදිකිරීම් සඳහා අත්තිවාරම කැපීම සහ කළුගල් පිපිරවීම ඇතුළු කටයුතුද මේ වන විට ආරම්භ කර ඇති බවයි ව්‍යාපෘති නිලධාරීන් සඳහන් කළේ.
ඊට අමතරව අලි වැට ඉදිකිරීම, කුඩා වැව් ප්‍රතිසංස්කරණය සහ පුරාවිද්‍යා කෞතුකාගාරයක් ඉදිකිරීම ඇතුළු කටයුතුද ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වනවා.
ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කරමින් එහි ප්රතිලාභ හැකි ඉක්මනින් ජනතාවට ලබාදීමට පියවර ගත යුතු බවයි.
#HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Latest News
තාක්ෂණය සිසුන්ට සමීප කරන්න – පාසල්වලට Smart Boards
Local
22 September 2026
''අත්‍යවශ්‍ය ඖෂධ 33ක හිඟයක්'' - පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
Local
22 September 2026
ජාතික හැඳුනුම්පත් සඳහා කාඩ්පත් මිලියන 5ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
Local
22 September 2026
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 15 දෙනෙකු චෝදනාවලට වරදකරුවන් බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි - 9 දෙනෙකු නිදොස්කොට නිදහස්
Local
22 September 2026
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් හෙට (23) පත්වෙති
Local
22 September 2026
අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට
Local
22 September 2026
මුතුරාජවෙල ගුවන් යානා ඉන්ධන ව්‍යාපෘතියේ ඇමරිකානු ඩොලර් මිලියන 40.84 ක කොන්ත්‍රාත්තුව චීන සමාගමකට හිමිවෙයි
Local
22 September 2026
ජනාධිපති ඇස් වහගෙන ඉන්න නිසා ආණ්ඩුවේ හොරකම් වෙනවා - නාමල් රාජපක්ෂ
Local
22 September 2026
සුරේෂ් සලේ ලබන 28 තෙක් ජාතික රෝහලේ
Local
22 September 2026
ලංකාවෙන් ලොවට: වසර 1,600ක භික්ෂුණී උරුමය කැනඩාවේදී ඇගයෙයි
Local
22 September 2026