කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වී සිටි තරුණියක් පැහැරගෙන යාමට උත්සහ දැරූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අනාවරණය වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, මෙම පැහැරගැනීමට උත්සාහ කර ඇත්තේ අදාළ තරුණියගේ පෙම්වතා බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි.
අද පස්වරු 1.30ට පමණ මෝටර් රථයකින් තරුණියක් පැහැරගෙන යන බවට නාරාහේන්පිට පොලිසියට තොරතුරක් ලැබී ඇති අතර ඒ අනුව, ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් නාරාහේන්පිට සිට නාවල දෙසට ධාවනය වූ මෝටර් රථයක් නවත්වීමට උත්සාහ කර තිබුණත්, එය පොලිස් අණ නොතකා ධාවනය කර ඇති බව සඳහන්.
නාරාහේන්පිට – නාවල මාර්ගයේදී යළිත් රථය නවත්වන ලෙස පොලිසිය සංඥා කළත් එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එහිදී රියදුරු මෝටර් රථය අතහැර දමා පලාගොස් ඇති අතර, පොලිසිය සිදුකළ පරීක්ෂාවේදී රථය තුළ සිටි තරුණිය සොයාගෙන තිබෙනවා.
ඇය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැහැරගෙන යාමට උත්සාහ කළ තරුණිය බවට පොලිසිය විසින් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෝටර් රථය ධාවනය කර ඇත්තේ ඇයගේ පෙම්වතා බවයි. ඔවුන් දෙදෙනාම මාතර වැලිගම සහ මිදිගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරනවා.
රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා තරුණිය සිය පවුලේ ඥාතීන් සමඟ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවට පැමිණ තිබෙනවා.
ඇය සිය පෙම්වතාට නොදන්වා උපාධි ප්‍රදානෝත්සවයට පැමිණ ඇති අතර, ඇය පැහැරගෙන යන බවට පොලිසියට දැනුම් දී ඇත්තේ තරුණියගේ පියා බවටයි තොරතුරු වාර්තා වන්නේ.
පැහැරගැනීමට භාවිත කළ මෝටර් රථය කුරුඳුවත්ත පොලිසියට රැගෙන ගොස් ඇති අතර, තරුණිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙතද ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ මෝටර් රථය තරුණයාගේ වන අතර එය තරුණියගේ පියා විසින් උපාධි ප්‍රදානෝත්සවයට රැගෙනවිත් ඇති බවටද විමර්ශනවලදී අනාවරණ වී ඇති බව සඳහන්.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Latest News
දෙහිවල සිසු අයියා මලෝ ඝාතනයේ බෝම්බය එල්ල කළ ප්‍රධාන සැකකරු සහ ත්‍රීරෝද රියදුරු අත්අඩංගුවට
Local
15 September 2026
වැව්වලට අයත් මායිම් ලකුණු කිරීමේ රු. මිලියන 400ක ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය
Local
15 September 2026
සලේගේ වෛද්‍ය වාර්තා ලබා නොදීම ගැන කරුණු කියන්න ජාතික රෝහල් අධ්‍යක්ෂකට නොතිසී
Local
15 September 2026
2027 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය
Local
15 September 2026
ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට
Local
15 September 2026
වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට තවත් රුපියල් මිලියන 2,500ක අතිරේක ප්‍රතිපාදන
Local
15 September 2026
AI ගැන අනතුරු ඇඟවීමක්: සමාගම්වලට ‘Kill Switch’ අනිවාර්ය කිරීම ගැන යෝජනාවක්
Local
15 September 2026
චීනය සිය රටින් පිටතට යන පුද්ගලයින් සම්බන්ධයෙන් වන නීති දැඩි කරයි
Local
15 September 2026
"අර්චුනාව ක්ෂණිකව වෙනස් කළේ නාමල්.. එයාගේ තාත්තා තමයි පිල්ලෙයාන් වෙනස් කළේ" - ඉන්දික අනුරුද්ධ
Local
15 September 2026
හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් ඩොනල්ඩ් පෙරේරා FCIDයට
Local
15 September 2026