General30 August 2026

ගොතටුව රාජගිරිය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්

රාජගිරිය, ගොතටුව - මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර අද (30) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව අද පස්වරු 6.30 සිට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටත්, වාහන ගමනාගමන සීමා කිරීමටත් පොලීසිය තීරණය කර තිබෙනවා.

මාදින්නාගොඩ ශ්‍රී සුරම්‍යාරාම විහාරස්ථානයෙන් ආරම්භ වන පෙරහර මහනියර හන්දියෙන්, 175 බස් මාර්ගය ඔස්සේ බුත්ගමුව පාර, අඹගහහන්දිය, කොටුවේගොඩ හරහා රාජගිරිය දක්වා ගමන් කර රාජගිරිය සිට මැදවැලිකඩ පාර, මාදින්නාගොඩ, MDH ජයවර්ධන මාවත ඔස්සේ ගමන් කර විහාරස්ථානයට පැමිණීමට නියමිතයි.

ඒ හේතුවෙන් පෙරහර ගමන් ගන්නා කාලය තුළ ඉහත මාර්ග භාවිත කරන රියැදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes