General30 August 2026

මිනිස් හිසක් මොරටුමුල්ල ගං ඉවුරකින් හමුවෙයි

කඳින් වෙන්ව තිබූ මිනිස් හිසක් මොරටුමුල්ල, ඉහළ ඉඳිබැද්ද, කුරේ පෙදෙසේ ගං ඉවුර අසල තිබී සොයාගත් බව පොලිසිය පවසනවා.

පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 අංකයට ලද තොරතුරක් මත අදාල මිනිස් හිස සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

එම මිනිස් හිස ප්‍රදේශයේ වඩුමඩුවක පිටුපස ගඟ ඉවුරට ආසන්නව තිබූ බවද පොලිසිය කියා සිටියා.

අදාල හිස බෙහෙවින් නරක් වී සතුන් කාදමා ඇතිි ආකාරයක් දක්නට ලැබෙන අතර ගල්කිස්ස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක්ද එම ස්ථානයට පැමිණ පරීක්ෂාවන් සිදු කළා.

එම හිස කොටස මේ වනවිට පානදුර රෝහලේ තැන්පත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Related recommendation
Hiru TV News | Programmes