General30 August 2026

නේපාලයට පිහිට වෙන්න කඩිනමින් ශ්‍රී ලංකාවෙන් සහන කණ්ඩායමක්

නේපාලයේ ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල ආපදා සහන සේවා සඳහා යොමුකරන මෙරට කණ්ඩායම් ඉදිරි දින කිහිපය තුළ එරට වෙත යැවීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා.

ඒ සඳහා මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් සමන්විත සහන කණ්ඩායම් යොමු කිරීමට තීරණය කර ඇති බවයි අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

නේපාලයේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 734 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම තවත් 2,400කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව ඇති බවයි නේපාල බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නේපාල - ටිබෙට් දේශසීමාවේ සෝදිසි සහ ගැලවුම් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, අතුරුදහන් වූවන් අතර විදේශීය පුරවැසියන් 320 දෙනෙකු ද වන බව නේපාල සංචාරක මණ්ඩලය පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes