General30 August 2026

22 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේදී උද්ඝෝෂණයක්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද (30) දහවල් උද්ඝෝෂණයක් පැවැත්වුණා.

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සම්මන්ත්‍රණයට සහභාගී වූ ජනතාව මේ උද්ඝෝෂණයට සහභාගී වී සිටියා.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක, එජාප ජාතික සංවිධායක සාගල රත්නායක, හිටපු පා.ම සමන් රතනප්‍රිය ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා.

පැය බාගයකට ආසන්න කාලයක් පිරිස සාමකාමීව උද්ඝෝෂණයේ නිරතව වුණා.
Related recommendation
Hiru TV News | Programmes