General30 August 2026

කැබ් රථ අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

බියගම - සපුගස්කන්ද මාර්ගයේ සමෘද්ධි මාවත ආසන්නයේදී ඊයේ (29) සිදු වූ රිය අනතුරකින් පාසල් සුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි සපුගස්කන්ද පොලිසිය පවසනවා.

සපුගස්කන්ද දෙසට ධාවනය වූ කැබ් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ වම්පස වැලි තීරුවේ ගමන් කරමින් සිටි ළමුන් දෙදෙනෙකුගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ ළමුන් දෙදෙනා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් ළමයෙකු මියගොස් ඇති අතර, අනෙක් තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිසිය සඳහන් කරන්‍නේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 15 ක් වූ ගෝනවල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්..

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳව සපුගස්කන්ද පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes