General30 August 2026

මම නම වෙනස් කළේ නෑ - අර්ජුන මහේන්ද්‍රන් කියයි

තමා නීත්‍යානුකූලව නම වෙනස් කරගෙන ඇති බවට වත්මන් රජයේ ප්‍රධාන පෙළේ ඇමැතිවරයෙක් විසින් සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් දන්වා තිබෙනවා.

මෙරට ඉංග්‍රීසි පුවත් වෙබ් අඩවියකට ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති බවයි එම වෙබ් අඩවි වාර්තාවේ සඳහන් කර ඇත්තේ.

තමන්ගේ නම වෙනස් කර ඇතැයි මෙරට ප්‍රධාන පෙළේ අමාත්‍යවරයෙකු විසින් කළ ප්‍රකාශය අසත්‍ය බවත්, එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් ඔහු එහි දක්වා ඇති බව සඳහන්.

හිටපු මහ බැංකු අධිපතිවරයා "හර්ජාන් ඇලෙක්සැන්ඩර්" වශයෙන් නම වෙනස් කරගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත තොරතුරු ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes