උතුරු සයිප්‍රසයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 260 කට වැඩි පිරිසක් රැගත් මගී ප්‍රවාහන යාත්‍රාවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කිරෙනියා වරායේ සිට තුර්කියේ දකුණුදිග මෙර්සින් නගරයේ තසුකු වරාය දෙසට ගමන් ආරම්භ කර සුළු මොහොතකින්, අවිනිශ්චිත හේතුවක් මත මෙම යාත්‍රාවට ජලය කාන්දු වීමට පටන්ගෙන ඇති බවයි එම වාර්තාවේ සඳහන්.
තුර්කි සයිප්‍රස් අග්‍රාමාත්‍ය උනල් උස්ටෙල් (Unal Ustel) සඳහන් කළේ, අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ පුද්ගලයින් 267 දෙනෙකු සිට ඇති බවයි.
ඉන් පුද්ගලයින් 237 දෙනෙකු බේරාගැනීමට සමත්ව ඇති අතර, අතුරුදහන් වූ 23 දෙනෙකු සෙවීමේ දැවැන්ත මෙහෙයුමක් තවදුරටත් ක්‍රියාත්මක බවත් විදෙස් මාධ්‍ය පවසනවා.
උතුරු සයිප්‍රස් වෙරළාරක්ෂක බලකාය, මගී නෞකා, නියමු ඒකක 5 ක්, හෙලිකොප්ටර් යානා 2 ක් සහ තුර්කි නාවික හමුදාවට අයත් නාවික ඒකක 6 ක් යොදවා මෙම සෙවුම් හා බේරාගැනීමේ මෙහෙයුම් දියත් කර තිබෙනවා.
තුවාලකරුවන්ට සහ අනතුරට පත් වූවන්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා ප්‍රදේශයේ රෝහල් සහ සෞඛ්‍ය සේවාවන් සූදානම් කර ඇති බවත්, අනතුරට හේතුව සෙවීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එරට ප්‍රවාහන අමාත්‍ය අර්හාන් අරික්ලි (Erhan Arikli) වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
මූලාශ්‍රය - අල්ජසීරා

Latest News
බොරලැස්ගමුවේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය පන්නිපිටියෙන් හමුවෙයි
Local
05 September 2026
ඉතාලි ෆෝමියුලා තරගාවලියේ ස්ප්‍රින්ට් අදියරෙන් යෙවාන් ඩේවිඩ්ට 4 වැනි ස්ථානය
Local
05 September 2026
මහා ක්‍රිකට් තරග ඇතුළු පාසල් උත්සවවල මත්ද්‍රව්‍ය භාවිතය තහනම් : අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැඩි නියෝගයක්
Local
05 September 2026
මාලිමා ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය විනාශ කරමින් ඒකාධිපති ගමනක: විපක්ෂ නායක සජිත්
Local
05 September 2026
නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්: ජන රැළිය වළක්වන්න බෑ - පොහොට්ටුවෙන් මාධ්‍ය නිවේදනයක්
Local
05 September 2026
තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක සිටි 8 දෙනෙකු නාවික හමුදාව මුදාගනී
Local
05 September 2026
ග්ලාස්ගෝ දිය ඇල්ල අසලදී තරුණයින් දෙදෙනෙකු ගිලී මරුට
Local
05 September 2026
බස් රථවලට AI තාක්ෂණික උපකරණ සවිකෙරේ
Local
05 September 2026
ත්‍රිරෝද රථ ධාවනයට අවම වයස 25 - 35 දක්වා සංශෝධනය කරන්න: ත්‍රිරෝද රථ සංගමයකින් ඉල්ලීමක්
Local
05 September 2026
කාර්ග් දූපත ආසන්නයේ ඉරාන තෙල් නෞකාවකට මිසයිල ප්‍රහාර
Local
05 September 2026