ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) වෙත පැවරුණු තෙල් ටැංකි 24 අතුරින් ටැංකි දෙකක ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන් කර ඇති බව එම සංස්ථාව පවසනවා.
එම ටැංකිවල ක්‍රියාකාරීත්වය සහ භාවිත කළ හැකි මට්ටම පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණ මට්ටමින් මෙම සංවර්ධන කටයුතු සිදු කළ බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ.
ඒ අනුව අදාළ ටැංකි දෙක සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සාර්ථක වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
ඉතිරි ටැංකි ප්‍රතිසංස්කරණය කිරීමේ ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් කළමනාකාර අධ්යක්ෂවරයා ප්‍රකාශ කළේ, තවත් තෙල් ටැංකි 3ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන ටෙන්ඩර් ක්‍රියාවලිය මේ වන විටත් ආරම්භ කර ඇති අතර එය දැනට ලංසු ඇගයීම් මට්ටමේ පවතින බවයි.
"අපි තවත් ටැංකි තුනක් සඳහා ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. ඒවායේ කටයුතු අවසන් වූ පසු අපි ටැංකි පහක් සංවර්ධනය කර අවසන්. ඉතිරි ටැංකි 19 ද අදියර කිහිපයක් යටතේ මේ ආකාරයෙන්ම සංවර්ධනය කෙරෙනවා," යැයි ඔහු පවසනවා.
මේ අතර ඉදිරි ටැංකි තුන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වසර දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.
මෙම ටැංකි සංවර්ධන කටයුතුවලට සමාන්තරව ත්‍රිකුණාමලය වරායේ නව ජැටියක් ඉදිකිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.
දැනට සංවර්ධනය කර ඇති ටැංකි දෙකේ සහ ඉදිරියේදී සංවර්ධනය කිරීමට නියමිත ටැංකි තුනෙහි වාණිජ කටයුතු ආරම්භ කරනු ලබන්නේ මෙම නව ජැටියේ ඉදිකිරීම් අවසන් වීමෙන් පසුව බවයි ආචාර්ය නෙත්තිකුමාරගේ පැහැදිලි කළේ.
මෙම ටැංකි පහ ප්‍රධාන වශයෙන් විදේශයන් වෙත ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති නමුත්, අවශ්‍යතාවය අනුව දේශීය වෙළඳපොළට තෙල් සැපයීම සඳහා ද ඒවා යොදා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
2022 ජනවාරි 4 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ, මුළු ටැංකි 99න් ටැංකි 24ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ද, ටැංකි 14ක් ලංකා IOC සමාගමට ද ලබා දීමට තීරණය කෙරුණා.
ඉතිරි ටැංකි 61 'ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්' (TPTL) සමාගම වෙත වසර 50ක බදු පදනම මත පැවරුණු අතර, එහි වැඩිම කොටස් හිමිකාරිත්වය (51%) පවතින්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටයි.

Latest News
බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කාන්තාවන් ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
Local
06 September 2026
ඩෝරා අනතුරින් දිවි අහිමි වූ ලුතිනන් තිළිණට නාවික හමුදාපතිගෙන් අවසන් ගෞරව
Local
06 September 2026
තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර හෙටින් ඇරඹෙයි
Local
06 September 2026
නවදිල්ලියේ ගොඩනැගිල්ලක් කඩාවැටී අයෙක් මරුට: 50ක් සොයා මෙහෙයුම්
Local
06 September 2026
රාජ්‍ය ගනුදෙනු ඩිජිටල්කරණයට - ලබන වසරේ සිට 80% ක් ගෙදර සිටම කරගත හැකියි : ජනපති බේරුවලදී කියයි
Local
06 September 2026
සේරුවිල ශ්‍රී ලලාට ධාතු 103 වන මහ පෙරහර වීථි සංචාරය කරයි
Local
06 September 2026
20ට අවශ්‍ය වූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත් ජනපතිගෙන් ප්‍රශ්න කරයි
Local
06 September 2026
මාදම්පේ පොල් ලී ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්
Local
06 September 2026
Lanka Chairman's Business Excellence Awards 2026 සම්මාන උළෙලේ 'හිරු' සම්මානයෙන් පිදුම් ලබයි
Local
06 September 2026
වාලම්පුරි බෙල්ලන් ජාවාරම් කළ සැකකරුවන්ට දඩ
Local
06 September 2026