ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු සිය දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන අද (31) නියෝග කළා.
සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප 2ක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
ප්‍රකාශයක් ලබා දීම සඳහා සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (31) අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම විමර්ශනයට අදාලව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රවී කරුණානායක මන්ත්‍රීවරයාට අවස්ථා 4කදීම දැනුම් දී තිබුණ ද ඔහු එම කොමිසම හමුවට නොපැමිණි බවත්, එම නිසා එම කොමිසමේ නිලධාරීන් පිරිසක් ඉකුත් 29 වන දින මන්ත්‍රීවරයාගේ නිවස වෙත ද ගොස් පරීක්ෂා කළ බවත් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.
තවද අල්ලස් කොමිසමට පැමිණ ලෙස දන්වා සිටියදී දිගින් දිගටම දීර්ඝ දින ඉල්ලා කල් දැමු බවත් අල්ලස් කොමිසම සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේදි සැකකරුගේ දියණියගේ විවාහ මංගල්‍යය සදහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් ඇති බව දැනුම් දුන් නමුත් කරන ලද විමර්ශනවලදී නුවරඑළිය ප්‍රදේශයට නොව හම්බන්තොට ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලැබුණ බවත් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.
මෙම සැකකරු 2015.01.12 වන දින සිට 2017.05.22 දින දක්වා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී එම ධූරය දරමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදල් වලින් වැටුප් ගෙවීමේ පදනම මත මුදල් අමාත්‍යංශයේ විශේෂ ව්‍යාපෘතියක් යැයි සඳහන් කර සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙකු සහ කළමණාකරණ සහකාරවරයෙකු ලෙස පුද්ගලයින් තිදෙනෙකු ජාතික ලොතරැයි මණ්ඩලයේ එවකට සභාපති ශ්යාම්ලා පෙරේරා යන අය සමඟ එක්ව කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය වෙත කිසිදු සේවයක් ලබා නොගෙන එම මණ්ඩලය මඟින් වැටුප් හා දීමනා ගෙවීමට කටයුතු කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බවයි විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ.
තවද මෙම සැකකරු පළමු සැකකාරිය සමග එකතු වී සාක්ෂිවලට බලපෑම් කිරීමට කටයුතු කරන බැවින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද අල්ලස් කොමිසම අධිකරණට දන්වා සිටියා.
එනම් 1994 අංක 20 දරණ පනතින් සංශෝධිත අල්ලස් පනතේ 70 වගන්තියට අදාළව දුෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනාව මත හිටපු මුදල් අමාත්‍යවරයාට වෝදනා ගොනු කර තිබුණා.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අශෝක වීරසුරිය පවසා සිටියේ මාගේ සේවාදායකයා බොහෝ රෝගී තත්ත්වයන්වලින් පෙලෙන බැවින් ඇප ලබා දෙන ලෙසයි.
තවදුරටත් අධිකරණයට කරුණු දැක්වු ජනාධිපති නීතීඥවරයා මෙලෙස පැවසුවා.
" ස්වාමීනි මාගේ සේවාදායකයාට දැනට ස්ටේයින් 5ක් දලා තියෙනවා. 2026/ 8/26 දින සිංගප්පූරු රෝහලේදී කරන ලද පරික්ෂණයට අදාල වෛද්‍ය වර්තාවල සදහන් කර තිබෙනවා. අනාගතයේ දීත් තව ස්ටේයින් 3ක් දැමීමේ හැකියාවක් තිබෙන බව. තවද මාගේ සේවාදායකයා ස්ලීප් ඇප්නියා නමැති රෝගයෙන් පෙලෙනවා. තවද මරාන්තික බැක්ටීරියාක් වන සෙලුලයිටිස් කියන බැක්ටීරියාව ආසාදනය වී තිබෙනවා. ඒ නිසා ඔහුට පරිසර ආසාධිත තැන්වල ඉන්න බැහැ.
" වෛද්‍ය ගෝඨාභය රණසිංහ විසින් ඔහුට දෛනිකව ගත යුතු බෙහෙත් වට්ටෝරුවක් ලබා දී තිබෙනවා. ඒවා හැමදාම ගත යුතුයි. එසේම දියවැඩියාවට ඉන්සියුලීන් විදිනවා.තවද මෙහි පළමු සැකකාරියට ඇප ලබා දී ඇති බැවින් මාගේ සේවාදායකයාද ඇප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා"
තවද මාගේ සේවාදායකයා අධිකරණයය මග හැරීමට හේතුවක් නොමැති බවත් ඉහළ අධිකරණවල ද තවත් නඩු පවතින බවයි ජනාධිපති නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියා.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවා.
Latest News
බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කාන්තාවන් ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
Local
06 September 2026
ඩෝරා අනතුරින් දිවි අහිමි වූ ලුතිනන් තිළිණට නාවික හමුදාපතිගෙන් අවසන් ගෞරව
Local
06 September 2026
තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර හෙටින් ඇරඹෙයි
Local
06 September 2026
නවදිල්ලියේ ගොඩනැගිල්ලක් කඩාවැටී අයෙක් මරුට: 50ක් සොයා මෙහෙයුම්
Local
06 September 2026
රාජ්‍ය ගනුදෙනු ඩිජිටල්කරණයට - ලබන වසරේ සිට 80% ක් ගෙදර සිටම කරගත හැකියි : ජනපති බේරුවලදී කියයි
Local
06 September 2026
සේරුවිල ශ්‍රී ලලාට ධාතු 103 වන මහ පෙරහර වීථි සංචාරය කරයි
Local
06 September 2026
20ට අවශ්‍ය වූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත් ජනපතිගෙන් ප්‍රශ්න කරයි
Local
06 September 2026
මාදම්පේ පොල් ලී ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්
Local
06 September 2026
Lanka Chairman's Business Excellence Awards 2026 සම්මාන උළෙලේ 'හිරු' සම්මානයෙන් පිදුම් ලබයි
Local
06 September 2026
වාලම්පුරි බෙල්ලන් ජාවාරම් කළ සැකකරුවන්ට දඩ
Local
06 September 2026