පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ වසරක විධිමත් පුහුණුව නිම කළ 04 වන කණ්ඩායම ලෙස මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් හැත්තෑ දෙදෙනකුට නව පත්වීම් ලිපි ප්රදානය අද (31) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණා.
වසරක විශේෂිත පුහුණුව සමඟින් අත්කරගත් වෘත්තීය දැනුම හා කුසලතා ප්‍රායෝගික සෞඛ්‍ය සේවාව සමඟ ඒකාබද්ධ කරමින්, ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා හඳුනාගැනීම, රෝග නිවාරණය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා මෙම නිලධාරීන්ගේ සේවය යොදා ගැනීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
ඒ අනුව, දීප ව්‍යාප්තව ප්‍රාථමික සත්කාර සෞඛ්‍ය සේවාව පුළුල් කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් ප්‍රාථමික සත්කාර ඒකක මධ්‍යස්ථාන සහ “ආරෝග්‍යා” සුවතා මධ්‍යස්ථාන වෙත අනුයුක්ත කෙරෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ මෙරට දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවේ පරිවර්ථනයේ නියමුවන් ලෙස මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් පෙන්වා දිය හැකි බවයි.
දැනට මෙරට සෞඛ්‍ය සේවයේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 260 ක් පමණ සිටින බවත්, 05 වන කණ්ඩායමට 300 ක් පමණ ඇතුළත් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සවිබල ගැන්වීම සඳහා නව මූලික සැලසුමක් සහ ආකෘතියක් ක්‍රියාත්මක වන බවයි.
එම සැලසුම් සහගත වැඩපිළිවෙළ තුළ අනාගතයේ දී ප්‍රාථමික සෞඛ්‍ය සේවා ක්‍රියාකාරී වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට තවත් 5000 ක පමණ මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන්ගේ සේවා අවශ්‍යතාව පවතින බව ද හෙතෙම පැවසුවා.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, ජනක කිත්සිරි ගුණවර්ධන, චාමික එච්. ගමගේ, හර්ෂණී සිරිනාම සහ කේ.පී. යෝගචන්ද්‍ර, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන්, අධ්යක්ෂවරුන්, හෙද අධ්යක්ෂවරුන්, පශ්චාත් හෙද විදුහල්වල විදුහල්පතිවරුන් සහ පත්වීම්ලාභී මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
Latest News
පළාත් රැසකට අදත් වැසි
Local
10 September 2026
පිලිපීනයේ සංචාරක නෞකාවක ගින්නක් - 05ක් මරුට
Local
10 September 2026
මින්නේරියේදී මගී බස් රථයක් ඇලකට පෙරළෙයි - 20ක් රෝහලට
Local
10 September 2026
කළුබෝවිල නිවසකට යතුරුපැදියකින් ආ දෙදෙනෙකුගෙන් අත්බෝම්බ ප්‍රහාරයක්
Local
10 September 2026
නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් පසු ඉරාන යුද්ධය අවසන් වෙයි - ට්‍රම්ප්
Local
10 September 2026
ඉන්දියාවේ වනාන්තරයකින් දුර්ලබ ඔරංඔටං පැටවුන් 05ක් හමුවෙයි - ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණ
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුව මාස 6ක් ඇතුළත විසඳීමට පියවර
Local
09 September 2026
AI ඉදිරි දශකයේ මිනිස් සංහතියටම අවදානමක් වෙයිද?
Local
09 September 2026
දිගුකාලීන භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම අඩුවේ
Local
09 September 2026
නාමල්ට එරෙහි සාක්ෂි ගැන පොහොට්ටුවෙන් සැකයක් – “විශ්වාස කරන්න බැහැ” සාගර කියයි
Local
09 September 2026