General31 August 2026

කොළඹ වරායෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 800 පනී

කොළඹ වරායේ බහාලුමක් තුළ තිබී සොයාගත් අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 463කට අධික බවට මෙතෙක් කළ ගණනය කිරීම්වලදී හෙළිව තිබෙනවා.

එමෙන්ම එහි වටිනාකම රුපියල් කෝටි 800කට අධික බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන කියා සිටියේ.

කොළඹ වරායේ සී.අයි.සී.ටී. පර්යන්තයේ සැකකටයුතු බහාලුම් 2 ක් ඇති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට පසුගිය 17 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිසිය පියවර ගත්තා.

ඒ අනුව, අද (31) මෙම බහාලුම් විවෘත කළ අවස්ථාවේ සූක්ෂමව ඇසුරුම් කර තිබියදී මේවා සොයාගත් අතර, මෙම මත්ද්‍රව්‍ය තොගය පාකිස්තානයෙන් එවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධියට දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ද අත්අඩංගුවට ගැණුනා.
Related recommendation
Hiru TV News | Programmes