මිතුරන් තිදෙනෙකුගේ මත්පැන් සාදයකට පසුව මතු වූ පැරණි කෝන්තරයක් මුල් කරගනිමින් කුළුගෙඩියකින් පහරදී අයෙකු ඝාතනය කර, සිරුර අඩක් පුළුස්සා කැලෑබද ප්‍රපාතයකට විසිකර තිබූ සිදුවීමක් අනාවරණය කර ගැනීමට තලාතුඔය පොලිසිය සමත්ව තිබෙනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ තලාතුඔය, බව්ලාන ප්‍රදේශයේ පදිංචිව ශාන්ත සංජය බණ්ඩාර නැමැති 30 හැවිරිදි අවිවාහක තරුණයෙක් බවයි පොලිසිය පවසන්නේ.
එම තරුණයා නිවෙසක් තනිවම පදිංචිව සිට ඇති බවත් කුලී වැඩ ජීවිකාව කරගෙන සිට ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 04 වැනිදා රාත්‍රියේ සිට දින කිහිහිපයක් ඔහුගේ නිවසේ විදුලි බුබුළු දැල්වී තිබීම සහ තරුණයා නිවසේ පෙනී නොසිටීම ගැන සැක සිතූ ඔහුගේ බාල සොහොයුරා තලාතුඔය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණා.
එහිදී අතුරුදහන් වූ තරුණයා පසුගිය 04 වැනිදා රාත්‍රියේ තවත් තරුණයින් දෙදෙනෙකු සමඟ බහින්බස් වෙමින් ගමන් කරන අයුරු දුටු බවට තොරතුරක් ලැබී තිබෙනවා.
එම තොරතුර මත ක්‍රියාත්මක වූ පොලිසිය පසුගිය 07 වැනිදා අලුයම ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි සැකකාර තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා.
දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරුවෙකුගේ පියා විසින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් පොලිසියට කොටුකර දෙන ලද්දේ මියගිය ශාන්ත සංජය බවට වූ සැකය මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
සිද්ධිය වූ දින මත්පැන් පානය කිරීමෙන් පසු ඉස්මතු වූ මෙම හිත් අමනාපකම මත, නිවෙසට ගිය තරුණයා යළි සාදය පැවැත්වූ හේන් භූමියට කැඳවාගෙන ගොස් පැලක තිබූ කුළුගෙඩියකින් හිසට පහරදී මරා දැමූ බවයි සැකකරුවන් පාපොච්ඡාරණය කර ඇත්තේ.
පසුව හේන් භූමියේදීම ලී කැබලි යොදා සිරුර අඩක් පුළුස්සා, රෙදි කඩක ඔතා කැලෑබද ප්‍රපාතයකට විසිකර දැමූ බවටද සැකකරුවන් පාපොච්චාරණය කර තිබෙනවා.
අනතුරුව සැකකරුවන් පෙන්වූ ස්ථානයෙන් අඩක් පිළිස්සී නරක් වෙමින් තිබූ සිරුර සොයාගෙන ඇති අතර, මහනුවර දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ ස්ථානීය පරීක්ෂණය සිදුකිරීමෙන් පසු සිරුර මහනුවර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියෝග කර තිබුණා.
තලාතුඔය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

Latest News
තැපැල් ඡන්ද තීන්දුවෙන් පසු ට්‍රම්ප්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැඩි විවේචන
Local
16 September 2026
සම්පත් බැංකුව නිලාවේලි , ත්‍රිකුණාමලය හා පාසිකුඩාවල හෝටල් දේපල තුනක් අත්පත් කරගනී
Local
16 September 2026
එළැඹෙන 24 වැනිදා FCIDයට කැඳවීමක් තිබියදී ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි
Local
16 September 2026
දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ
Local
16 September 2026
නාමල් අද අධිකරණයට
Local
16 September 2026
ප්‍රදේශ කිහිපයකට මි. මී 75ක පමණ තරමක තද වැසි
Local
16 September 2026
කළුතරදී දුම්රියේ ගැටී කාන්තාවන් දෙදෙනෙකු මරුට
Local
16 September 2026
සිංහයින් පැරදූ එංගලන්තයට ලකුණු 119ක දැවැන්ත ජයක්
Local
16 September 2026
රුමේෂ්ගේ හෙල්ලයන් හානි වීමේ සිද්ධිය ගැන ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් පලකළ සමාජ මාධ්‍ය සටහන්
Local
15 September 2026
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවයි - විශේෂ දැනුම්දීමක්
Local
15 September 2026