General27 June 2013

මහනුවර මහරෝහලේ පස් නිවුන් දරු උපතක්.

මහනුවර මහ රෝහලේදී අද දහවල් 12 යි 07 ට පමණ පස් නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනුර දිසානායක සඳහන් කළේ මඩවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක මවක් මෙලෙස පස් නිවුන් දරුවන් බිහි කර ඇති බවයි. මෙම දරුවන්ගෙන් සිව් දෙනෙකු පිරිමි ළමයින්. මෙම බිළිඳුන්ගෙන් තිදෙනෙකු මහනුවර නොමේරු ළඳරු ඒකකයේත්, තවත් දෙදෙනෙකු පේරාදෙණිය ළමා රෝහලේ නොමේරු ළඳරු ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

Related recommendation
Hiru TV News | Programmes