General23 July 2013

කඳුකරයටත් විසඳුම් ඉල්ලන අලූත් සන්ධානයක් - වාසුත් ඒ අතර.

පළාත් සභා මැතිවරණය පිළිබඳව මෙන්ම පළාත් සභා බලතල පිළිබඳවද සමාජයේ වැඩි අවධානයක් මතුව ඇති මොහොතක අද (23) දේශපාලන පක්ෂ කිහිපයක් නව සන්ධානයක් පිහිටුවා ගත්තා. ඒ, 13 වන සංශෝධනයේ වෙනස්කම් සිදු නොකරන ලෙස බල කිරීමට සහ කඳුකරයේ ජනතාවටත් ජාතික ගැටළුව විසදීමේදී වෙනම විසඳුමක් ලබාගැනීමේ අරමුණින්.

13 වන සංශෝධනයේ කිසිදු වෙනසක් සිදු නොකළ යුතු බව පවසමින් කඳුරට ජාතික පෙරමුණ නමින් නව සන්ධානයක් කොළඹදී අද පිහිටුවා ගත්තා. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රභා ගනේෂන්ගේ නායකත්වයෙන් යුත්  ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, වී. රාධා ක්‍රිෂ්ණන්ගේ නායකත්වයෙන් යුත් කඳුරට ජනතා පෙරමුණ මෙන්ම ටී. අයියාතුරේගේ නායකත්වයෙන් යුත් කම්කරු විමුක්ති පෙරමුණ ඇතුළත්. එසේම  අමාත්‍ය වාසුදේව නානායක්කාර නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණද මෙම සන්ධානයට එක්ව සිටිනවා. සන්ධානය පිහිටුවීමෙන් පසු අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ නායක ප්‍රභා ගනේෂන් කියා සිටියේ ජාතික ගැටළුවට විසඳුමක් ලබාදීමේදී කඳුරට ජනතාවටත් විසඳුමක් ලබාදිය යුතු බවයි.

[MP3]s63610_1[/MP3]                                          

කෙසේ වෙතත් දඹුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ පසුගියදා කියා සිටියේ 13 වන සංශෝධනය ඉවත් නොකළහොත් රජයෙන් ඉවත්වන බවට ප්‍රකාශ කළ පාර්ශව තවමත් රජයේ සිටින බවයි.

[MP3]s63610_2[/MP3]                           

එහෙත් ජාතික නිදහස් පෙරමුණ කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් කියා සිටියේ පළාත් සභා ක්‍රමයට එරෙහිව අතීතයේ හඬ නැගූ ජනතා විමුක්ති පෙරමුණ අද නිහඬව සිටින බවයි.

[MP3]s63610_3[/MP3]                         

මේ අතර  කොළඹ අද පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි මහ ලේකම් තිස්ස අත්තනායක පළාත් සභා මැතිවරණයට පෙර උතුරේ සිවිල් පාලනය යථා තත්ත්වයට පත්කළ යුතු බව අවධාරණය කළා.

[MP3]s63610_4[/MP3]                   

Related recommendation
Hiru TV News | Programmes