ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන වායු සමීකරණ බෙදාහැරීමේ හා සේවා සැපයීමේ සමාගමක් වන AC Mahagedara Pvt. Ltd. සිය දීප ව්‍යාප්ත සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කරමින් ගාල්ලේ නව ශාඛාවක් විවෘත කර ඇත.
මෙම නව ශාඛාව විවෘත කිරීම සමාගමේ වර්ධන ගමන් මඟේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. එය දකුණු පළාතේ පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ වායු සමීකරණ විසඳුම් වඩාත් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව සලසයි.
2023 වසරේ ආරම්භ වූ AC මහගෙදර සමාගම, ඉතා කෙටි කාලයක් තුළ පාරිභෝගිකයන් 10,000කට අධික පිරිසකගේ විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ වායු සමීකරණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගම් අතරට පැමිණ ඇත. ප්රමුඛ පෙළේ සියලුම වායු සමීකරණ සන්නාම බෙදාහැරීම, ස්ථාපන සේවා, නඩත්තු සේවා සහ අලෙවියෙන් පසු සේවා සැපයීම සමාගමේ විශේෂත්වයන් අතර වේ.
දැනට කොළඹ සහ මහනුවර ක්‍රියාත්මක වන ශාඛා ජාලයට එක්වන ගාල්ල ශාඛාව මඟින් දකුණු පළාතේ පාරිභෝගිකයන්ට වේගවත් හා කාර්යක්ෂම සේවාවක් සැපයීමට හැකි වන අතර, ස්ථාපන හා තාක්ෂණික සහාය සඳහා ගතවන කාලයද සැලකිය යුතු ලෙස අඩු වනු ඇත.
සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ගයාන් බුද්ධික මහතා මෙසේ පැවසීය. “අප ආරම්භයේ සිටම ගුණාත්මක නිෂ්පාදන, විශ්වාසදායක සේවා සහ පාරිභෝගික පහසුව ප්රමුඛ කරගෙන කටයුතු කළා. ගාල්ල ශාඛාව විවෘත කිරීම මඟින් අපගේ සේවා ජනතාවට තවදුරටත් සමීප කරන අතරම ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනයටද දායකත්වයක් ලබා දීමට හැකි වෙනවා.”
වර්තමානයේදී AC මහගෙදර සමාගම සේවකයන් 150කට අධික පිරිසකට රැකියා අවස්ථා සලසා දී ඇති අතර, ස්ථාපන සේවා, පුළුල් නිෂ්පාදන පරාසය සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවා ප්‍රවේශය හේතුවෙන් කර්මාන්තය තුළ සුවිශේෂ ස්ථානයක් හිමි කරගෙන සිටී.
වායු සමීකරණ උපාංගවලට අමතරව අමතර කොටස් හා අදාළ උපාංගද එකම වහලක් යටින් සැපයීමද සමාගමේ තවත් විශේෂත්වයකි.
සමාගම මෑතකදී පැවති Diamond Excellence Awards සම්මාන උළෙලේදී වායු සමීකරණ බෙදාහැරීමේ හා සේවා නවෝත්පාදනයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.
Latest News
තෙල්දෙණියේ භෞතචිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ සැකකාර පෙම්වතාගෙන් පොලිසියට පාපොච්චාරණයක්
විමල්ගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්
භෞතචිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් යාපනයේදී කොටු වූ සැකකාර පෙම්වතාට ආධාර දුන් රියැදුරෙක් අත්අඩංගුවට
HelaGo මාස 5ක් තුළ කිලෝමීටර මිලියනයක කඩයිම පසුකරයි
ග්‍රාම නිලධාරින් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
ඩෙංගු මාරයාට බිලි වූ රුහුණේ සරසවි සිසුවිය: "නොමැරි හිටියොත් එන්නම්" කියා මිතුරියකට එවූ අවසන් පණිවුඩය
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 340.06ක් ලෙස සටහන් වෙයි
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 24ක ජල කප්පාදුවක්
Drone තාක්ෂණය යොදා ගනිමින් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන හඳුනා ගැනීම අද සිට
පාකිස්ථානයේ කොටස් වෙළඳපොළ අර්බුදයක