Business26 June 2026

BWIO සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම Detailing ආයතනය ලෙස The Pink Auto Shop සම්මාන දිනාගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ Detailing හා Protection ආයතනයක් වන The Pink Auto Shop පෞද්ගලික සමාගම, Business World Inteational Organization විසින් සංවිධානය කළ BWIO 2026 සම්මාන උළෙලේදී “Most Famous Detailing Shop of the Year” සම්මානයෙන් පිදුම් ලබා ඇත.

ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ නායකත්වය ප්‍රදර්ශනය කළ ආයතන හා ව්‍යවසායකයන් ඇගයීම සඳහා මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි.

2018දී ආරම්භ වූ The Pink Auto Shop, සාම්ප්‍රදායික වාහන අලුත්වැඩියා හා නඩත්තු සේවාවලින් වෙනස් වූ විශේෂ Detailing හා Protection සේවා ආකෘතියක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ Detailing හා Protection සන්නාමයක් බවට පත්ව ඇත. උසස් තත්ත්වයේ Detailing හා Protection විසඳුම් සහ විශිෂ්ට පාරිභෝගික අත්දැකීම් මඟින් සමාගම දිවයින පුරා මෝටර් රථ හිමියන් අතර සුවිශේෂී ප්‍රසාදයක් දිනාගෙන තිබේ.

වාහන ආනයනය නැවත ආරම්භ වීමත් සමග, නව වාහන හිමිකරුවන්ට ඉහළ ප්‍රමිතියෙන් යුතු Ceramic Coating, Tint, PPF සහ අනෙකුත් Protection සේවා සාර්ථකව සැපයීමට The Pink Auto Shop සමත්ව ඇත.

ISO සහතික ලත් සමාගමක් වන The Pink Auto Shop, ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව ඉහළ මට්ටමේ Detailing හා Protection සේවා සපයයි. RUPES, Gtechniq, STEK, JAX WAX සහ SGCB වැනි ලොව ප්‍රමුඛතම සන්නාම සමඟ ඇති කරගත් උපායමාර්ගික හවුල්කාරිත්ව මඟින් සමාගම සිය වෙළඳපොළ ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගෙන ඇත.

2019දී ආරම්භ කරන ලද BigFoot Detailing Center හරහා ජාත්‍යන්තර Detailing හා Protection ප්‍රමිති ශ්‍රී ලංකාවට හඳුන්වා දීමටද සමාගම පුරෝගාමී වී තිබේ. ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනයට දායක වෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම TVEC ලියාපදිංචි රජයේ අනුමැතිය ලත් Detailing අධ්‍යාපන ආයතනය වන The Pink Academyද සමාගම විසින් ස්ථාපිත කර ඇත.

එම ආයතනය NVQ Level 4 පාඨමාලා පවත්වන අතර RUPES බලයලත් පුහුණු මධ්‍යස්ථානයක් ලෙසද කටයුතු කරයි. මෝටර් රථ ක්ෂේත්‍රයේ කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීම සඳහා ඩීටේලර්වරියන් බඳවාගෙන පුහුණු කිරීම තුළින් නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමටද සමාගම කටයුතු කර ඇත.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් The Pink Auto Shop සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ කාවින්ද පෙරේරා මහතා සඳහන් කළේ, මෙම සම්මානය සමාගමේ කාර්ය මණ්ඩලයේ කැපවීම, නවෝත්පාදන හැකියාව සහ වෘත්තීයභාවය පිළිබඳ පිළිගැනීමක් බවත්, ශ්‍රී ලංකාවේ මෝටර් රථ Detailing හා Protection ක්ෂේත්‍රය තවදුරටත් ඉහළ මට්ටමකට රැගෙන යාම තම අරමුණ බවත්ය.

 

Related recommendation
Hiru TV News | Programmes