එමිරේට්ස් ගුවන් සමාගම අගෝස්තු 8 වැනිදා සිට ඩුබායි සහ කොළඹ අතර සිය දෙවන දෛනික A350 ගුවන් සේවාව ආරම්භ කරන බව නිවේදනය කර ඇත. ඒ අනුව, මෙම ගුවන් ගමන සඳහා මෙතෙක් යොදාගෙන තිබූ බොයිං 777 ගුවන් යානය වෙනුවට A350 ගුවන් යානය යොදවන අතර, මෙමඟින් මගීන්ට එමිරේට්ස්හි නවතම පරම්පරාවේ ගුවන් යානයෙන් ගමන් කිරීමේ මෙන්ම ඉහළ ඉල්ලුමක් පවතින ප්‍රිමියම් ඉකොනොමි සේවාව අත්විඳීමේ තවත් අවස්ථාවක් හිමි වේ.
නව A350 ගුවන් යානය එමිරේට්ස්හි EK648/649 ගුවන් ගමන් සඳහා යෙදවීමත් සමඟ ඩුබායි සහ කොළඹ අතර ප්‍රිමියම් ඉකොනොමි පන්තියේ ආසන සංඛ්‍යාව දෙගුණ වන අතර, ශ්‍රී ලංකාවට පැමිණෙන හා ශ්‍රී ලංකාවෙන් ගමන් කරන මගීන්ට වඩාත් සුවපහසු සහ උසස් ගමන් අත්දැකීමක් ලබාදීමට එමිරේට්ස් දක්වන කැපවීම මෙයින් තවදුරටත් තහවුරු වේ. දැනට එමිරේට්ස් ශ්‍රී ලංකාව වෙත දිනපතා ගුවන් ගමන් හතරක් ක්‍රියාත්මක කරන අතර, ඒ සඳහා A350 සහ බොයිං 777 ගුවන් යානා භාවිත කරයි.
එමිරේට්ස්හි දෙවන A350 ගුවන් සේවාව දිනපතා පස්වරු 4.10ට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව රාත්‍රී 10.10ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වේ. EK649 ගුවන් ගමන අලුයම 2.55ට කොළඹින් පිටත්ව උදෑසන 5.50ට ඩුබායි වෙත ළඟා වන අතර, ඉහත සඳහන් සියලුම වේලාවන් දේශීය වේලාවන් වේ.
එමිරේට්ස්හි සම්මානලාභී ප්‍රිමියම් ඉකොනොමි කැබින් සේවාව මෙම A350 ගුවන් යානයේ ප්‍රධාන ආකර්ෂණීය අංගයක් වන අතර, එය මේ වන විටත් මගීන් අතර ඉතා ජනප්‍රිය සේවාවක් බවට පත්ව ඇත. පිළිගැනීමේ පානයක්, සමයට ගැළපෙන ආහාර මෙනුවක්, සුවිශේෂී ආයිත්තම් කට්ටලයක්, පරිසර හිතකාමී ද්‍රව්‍යවලින් නිපදවූ බ්ලැන්කට්ටුවක් සහ විශාල කොට්ටයක් ඇතුළු පහසුකම් රැසක් මගීන්ගේ සුවපහසුව සැලකිල්ලට ගනිමින් සපයා ඇත.
මෙම දෙවන දෛනික A350 ගුවන් සේවාව හඳුන්වාදීම, 2025 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට A350 ගුවන් යානය ප්‍රථම වරට හඳුන්වා දෙමින් ප්‍රිමියම් ඉකොනොමි සේවාව හඳුන්වාදීමේ සාර්ථකත්වය මත ගොඩනැගුණු තවත් වැදගත් පියවරකි. මෙය ශ්‍රී ලංකාව කෙරෙහි එමිරේට්ස් දක්වන අඛණ්ඩ ආයෝජනය සහ විශ්වාසය ද පිළිබිඹු කරයි.
මෙම වසරේදී ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම්වල 40 වැනි සංවත්සරය සමරන එමිරේට්ස්, ලොව පුරා ගමනාන්ත 140කට ආසන්න ජාලයක් සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් රටේ සංචාරක කර්මාන්තය සහ වෙළෙඳාම තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වෙයි.
Latest News
ඉන්දියාවම කම්පා කළ ඛේදවාචකය - මලක් නසා පොලිස් වෙඩි පහරින් මියගිය නරුම පුතුගේ දේහය භාර ගැනීම මව ප්‍රතික්ෂේප කරයි
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
රන් ගිනි අවි නඩුව අදත් පත්තු වෙයි දුමින්ද දිසානායකට අධි චෝදනා සූදානම්
සාර්ක් කලාපයේ වැඩිම අක්‍රීය ණය බංග්ලාදේශයෙන්
රුපියලට කෙටි හුස්මක්
තේ කඩයක්වත් කරලා නෑ කියපු අනුර අවුරුදු 02න් බංකොලොත් රට ගොඩදැම්මා - කොට්ටහච්චි
කුරුඳු මිල රුපියල් 5000ත් පනී
''බේරේ වැව බරපතල විදිහට දූෂණය වෙලා බේරේ වැව පිරිසිදු කරන වගකීම රජයට විතරක් භාර දෙන්න බෑ'' - නි. ඇමති එරංග ගුණසේකර
හිටපු ඇමති රාජිත සේනාරත්නට එරෙහිව අධි චෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි
සුරේෂ් සලේගේ රිට් පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් 17 වනදා කැඳවීමට නියෝග