දිගුකාලීන ප්‍රජා සංවර්ධනය, සියලු දෙනා ඇතුළත් කරගත් සමාජ ප්‍රගතිය සහ තිරසාරභාවය වෙනුවෙන් දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද “ඩේවිඩ් පීරිස් සමූහ සමාජ සවිබලගැන්වීම” (David Pieris Group Social Empowerment Drive) දින පහක පුළුල් ප්‍රජා සත්කාරක වැඩසටහන මඩකලපුවේදී සාර්ථකව පවත්වන ලදී.
මඩකලපුව, ත්‍රිකුණාමලය පාරේ පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (DPMC) පරිශ්‍රයේදී පැවැති විශේෂ උත්සවයකදී, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපති ඩේවිඩ් පීරිස් මහතා විසින් මෙම සුවිශේෂී ප්‍රජා සත්කාරක වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරන ලදී.
ඩේවිඩ් පීරිස් සමූහයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන් රැසකගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ මෙම පුළුල් ප්‍රජා සත්කාරක වැඩසටහන පසුගිය ජූලි 15 සිට 19 දක්වා ක්‍රියාත්මක විය.
මෙම සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන සහ එහි ප්‍රධානතම අංගයක් වූ දින පහේ වෙළෙඳ ප්‍රදර්ශනය පුරාම තිරසාර හා පරිසර හිතකාමී පිළිවෙත් අනුගමනය කිරීමට සමූහ ව්‍යාපාරය සුවිශේෂී පියවරක් ගෙන තිබුණි.
ඒ අනුව, ප්‍රධාන විදුලි සැපයුම බිඳවැටීමකදී ප්‍රදර්ශන කුටි සඳහා අවශ්‍ය විදුලිය ඩේවිඩ් පීරිස් සෝලා සමාගම විසින් සපයන ලද බැටරි උපස්ථ පද්ධතියක් මඟින් ලබා දෙන ලදී. මෙය පුනර්ජනනීය බලශක්තිය සහ පරිසර හිතකාමී ව්‍යාපාරික භාවිතයන් කෙරෙහි සමූහය දක්වන කැපවීම මනාව විදහා දැක්වූ අතර, ව්‍යවසායකත්වය, මාර්ග ආරක්ෂාව, වෘත්තීය නිපුණතා සහ ප්‍රජා සහභාගිත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ අනෙකුත් සියලු වැඩසටහන් සඳහා ද මනා ආදර්ශයක් සැපයීය.
වැඩසටහන ආරම්භ වූ ජූලි 15 වනදා, කාන්තා ප්‍රජාව සවිබල ගැන්වීම සහ ඔවුන් ස්වයං රැකියා අවස්ථා සඳහා දිරිගැන්වීම අරමුණු කරගනිමින් රූපලාවන්‍ය හා පුද්ගලික සත්කාර ක්ෂේත්රයේ ප්‍රායෝගික දැනුම සහ කුසලතා ලබා දෙන වැඩසටහනක් DPMC පරිශ්‍රයේදී පැවැත්විණි.
එදිනම East Lagoon හෝටලයේදී ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් ද පැවැත්වුණු අතර, එමඟින් ව්‍යාපාර ක්ෂේත්රයට අලුතින් පිවිසීමට අපේක්ෂා කළ පිරිස්වලට සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට වටිනා දැනුම සහ ප්‍රායෝගික මඟපෙන්වීම් ලබා දීමට කටයුතු කෙරිණි.
ඉන්පසුව ජූලි 16 වනදා ක්‍රියාත්මක වූ මාර්ග ආරක්ෂණ වැඩසටහන මඟින් සිසු දරුවන් තුළ වගකීම් සහගත මාර්ග භාවිතය සහ ආරක්ෂිත ගමනාගමන පුරුදු වර්ධනය කිරීමට පියවර ගැනිණි.
වැඩසටහනේ ඉදිරි දිනක් වූ ජූලි 18 වනදා ත්‍රිරෝද රථ රියදුරන් සඳහා ආරක්ෂිත හා වගකීම් සහගත රිය පැදවීම පිළිබඳ මාර්ග ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් මෙන්ම ප්‍රදේශයේ ගරාජ් හිමියන් සහ කාර්මික ශිල්පීන්ගේ වෘත්තීය කුසලතා හා සේවා ප්රමිතීන් ඉහළ නැංවීම සඳහා තාක්ෂණික දැනුම ලබා දීමේ වැඩසටහනක් ද සාර්ථකව පැවැත්විණි.
වැඩසටහනේ අවසන් දිනය වූ ජූලි 19 වනදා ප්‍රජා සහභාගිත්වය, ක්‍රීඩාශීලීත්වය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම වෙනුවෙන් කල්ලාඩි සිවානන්ද පාසල් ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් තරගාවලියක් ද, වලච්චේනෙයි VC ක්‍රීඩාංගණයේදී පාපන්දු තරගාවලියක් ද පැවැත්විණි. මීට සමගාමීව DPMC සේවා නියෝජිතයන්ගේ තාක්ෂණික නිපුණතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විශේෂ යාන්ත්‍රික පුහුණු වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරිණි.
මෙම සියලු සුවිශේෂී ප්‍රජා සත්කාරක මුලපිරීම්වලට සමගාමීව, ජූලි 15 සිට 19 දක්වා දින පහක් පුරා DPMC පරිශ්‍රයේ මහජනතාව සඳහා විවෘතව පැවැත්වුණු දැවැන්ත වෙළෙඳ ප්‍රදර්ශනයට ද ඉහළ ජනතා සහභාගිත්වයක් සහ ප්‍රතිචාරයක් හිමිවිය.
එහිදී ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අයත් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි, ඇසට්ලයින් ෆිනෑන්ස්, ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස්, ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි, ඩේවිඩ් පීරිස් සෝලා එනර්ජි, ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස්, ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සහ ඩේවිඩ් පීරිස් ලෙෂර් යන සමාගම්වල නිෂ්පාදන, සේවා, පරීක්ෂණ ධාවන (Test Drives) සහ සුවිශේෂී ප්‍රවර්ධන දීමනා රැසක් අත්විඳීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී තිබුණි.
මීට අමතරව, පාසල් සංවර්ධන වැඩසටහන්, විශ්වවිද්‍යාල සීමාවාසික පුහුණු වැඩසටහන්, තෝරාගත් පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම්, Bajaj සහ KTM වාහන සඳහා වායු විමෝචන හා වාහන තත්ත්ව පරීක්ෂණ වැඩසටහන් මෙන්ම හරිත දේශගුණික ක්‍රියාකාරී වැඩසටහන් ද මෙම දින කිහිපය තුළ සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.
හුදෙක් ව්‍යාපාරික අරමුණුවලින් ඔබ්බට යමින් මිනිසුන්, කුසලතා සහ ප්‍රජාවන් වෙනුවෙන් ආයෝජනය කරමින් තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීම ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ දැක්මයි.
මඩකලපුවෙන් ආරම්භ වූ මෙම සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය බලාපොරොත්තු වේ.
Latest News
නවගමුව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා මරුට
මීගමුව බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතිවල DVR මොරටුව සරසවියට භාරදෙයි
නවගමුවේ වෙඩි තැබීමක්
සනීපාරක්ෂක තුවා සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කෙරේ: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ ගැසට් නිවේදනයක්
කැනඩා, ලක්සම්බර්ග් සහ ජපන් රැකියා දෙන බව පවසා ලක්ෂ 86ක් වංචාකළ දෙදෙනෙකු දැලේ
ඩෙංගු රෝගීන්ට යළි උපදෙසක්
අමෙරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට
ඉරානයේ බලශක්ති පද්ධතිවලට ඇමරිකාවෙන් ප්‍රහාර එල්ල වුවහොත් රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමේ අවදානමක්
ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹෙයි
ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා