ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කරනු ලබන 34 වැනිFACETS Sri Lanka 2027 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2027 ජනවාරි 4 සිට 6 දක්වා කොළඹCinnamon Life at City of Dreams පරිශ්‍රයේදී පැවැත්වේ. මෙරට ප්රමුඛ පෙළේ මැණික් හා ස්වර්ණාභරණ සමාගම් නියෝජනය කරමින් අලෙවිකරුවන් සහ නිෂ්පාදකයන් 100කට අධික පිරිසක් මෙවර ප්‍රදර්ශනයට එක්වීමට නියමිතය.
ශ්‍රී ලාංකීය මැණික්වල උසස් තත්ත්වය සහ දේශීය ස්වර්ණාභරණ ශිල්පීන්ගේ අද්විතීය දක්ෂතාවය අත්විඳීම සඳහා ඇමරිකාව, යුරෝපය, මැදපෙරදිග, ඉන්දියාව, චීනය සහ තායිලන්තය ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳපොළවල ගැනුම්කරුවන් රැසක් මෙවර කොළඹට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකාවටම ආවේණික වූ ලෝප්‍රකට නිල් මැණික් (Sapphires) සහ අනෙකුත් වටිනා මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කිරීම සඳහා වෙන් කළ විශේෂිත ප්‍රදර්ශන කුටි මෙවරද සකස් කර ඇත. මීට අමතරවSapphire Night, Story Coer, Power Breakfast වැඩසටහන් මෙන්ම මැණික් පතල් සහ කොළඹ වරාය නගරය නැරඹීමේ සංචාර ද ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කර තිබේ.
මෙම වැඩසටහන් මඟින් ක්ෂේත්රයේ වෘත්තිකයන්, ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ ව්‍යවසායකයන් අතර ජාලගත වීම, අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ නව ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීම සඳහා සුවිශේෂී අවස්ථාවක් උදා කරයි.
FACETS Sri Lanka ප්‍රදර්ශනයේ සාර්ථකත්වය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) අඛණ්ඩ දායකත්වය ලබා දෙන අතර, EDB දේශීය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ජාත්‍යන්තර ගැනුම්කරුවන් හා ගෝලීය වෙළඳපොළ සමඟ සම්බන්ධ කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. එමෙන්ම, NGJA ක්ෂේත්රයේ ගුණාත්මක ප්රමිතීන් ආරක්ෂා කිරීම සහ එහි තිරසාර සංවර්ධනය සඳහා කැපවී සිටී.
මෙම මාධ්‍ය හමුවේදීFACETS Sri Lanka 2027 හි නිල තේමාව සහ ප්‍රවර්ධන වීඩියෝව එළිදැක්වූ අතර, ඉදිරි වසර තුන සඳහා ප්‍රදර්ශනය පැවැත්වෙන දින වකවානු ද ප්‍රකාශයට පත් කෙරිණි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපතිඅක්රම් කාසීම්මහතා පැවසුවේFACETS 2027 ශ්‍රී ලංකාවේ සියවස් ගණනාවක මැණික් උරුමය, දේශීය ශිල්පීන්ගේ දක්ෂතා, ව්‍යවසායකත්වය සහ නව නිර්මාණශීලී හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කරන සුවිශේෂී ජාත්‍යන්තර වේදිකාවක් බවයි.
FACETS Sri Lanka 2027 සභාපතිෂෙස්මින් මන්සූර්මහතා පැවසුවේ මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ස්වාභාවික මැණික් සම්පත්වල වටිනාකම සහ දේශීය ශිල්පීන්ගේ අසමසම දක්ෂතාව ලොවට ඉදිරිපත් කරන අවස්ථාවක් පමණක් නොව, ශ්‍රී ලංකාව ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ විශ්වසනීය පෙරගමන්කරුවකු ලෙස තවදුරටත් ස්ථාපිත කිරීමේ වැදගත් පියවරක් බවයි. ඔහු ලොව පුරා ගැනුම්කරුවන්ට සහ කර්මාන්තයේ සියලු පාර්ශ්වයන්ට මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනයට එක්වන ලෙස ද ආරාධනා කළේය.
Latest News
සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
මෙක්සිකෝවට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක්
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
අගෝස්තු 5 පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙටත් ඉහළට