Business28 August 2026

කොටස් වෙළඳපොළේ වර්ධනයක්: සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 36.26 කින් ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද (28) දින වෙළඳපොළ කටයුතු අවසානයේ ප්‍රසාදජනක වර්ධනයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අනුව, සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 36.26 කින් (0.17%) ඉහළ ගොස් දර්ශක අගය 21,315.91 ක් ලෙස සටහන් වුණා.

එහිදී, අද දින වෙළඳපොළ තුළ සිදුවූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.2 ක් ලෙස වාර්තා වෙන බවයි කොටස් වෙළඳපොල දෛනික වාර්තාවේ සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes