හොලිවුඩ් සිනමාවේ සුපිරි තරුවක් වන කීනූ රීව්ස් (Keanu Reeves), 'ටෝයි ස්ටෝරි 4' (Toy Story 4) සිනමාපටය අධ්‍යක්ෂණය කළ ජොෂ් කූලි (Josh Cooley) ගේ නවතම 'ලෙගෝ' (Lego) සිනමාපටය සඳහා ප්‍රධාන චරිතයෙන් දායක වීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
යුනිවර්සල් පික්චර්ස් (Universal Pictures) සමාගම නිෂ්පාදනය කරන මෙම තවමත් නමක් තබා නොමැති සිනමාපටය, සජීවී නළු නිළියන් සහ පරිගණක සජීවීකරණ (Live-action/CG hybrid) සංකලනයක් ලෙසයි නිර්මාණය වීමට නියමිතව ඇත්තේ.
Variety සඟරාවට අනුව, මෙම නවතම ව්‍යාපෘතිය හරහා අධ්යක්ෂ ජොෂ් කූලි සහ කීනූ රීව්ස් නැවත වරක් එක්ව කටයුතු කිරීමට නියමිතයි.
ඔවුන් දෙදෙනා මීට පෙර 'ටෝයි ස්ටෝරි 4' සිනමාපටයේ එන 'ඩියුක් කැබූම්' (Duke Caboom) නැමැති ස්ටන්ට්මන් සෙල්ලම් බඩු චරිතය සඳහා එක්ව කටයුතු කළ අතර, එහිදී එම චරිතයට හඬකැවීම් සිදුකරනු ලැබුවේ කීනූ රීව්ස් විසින්.
කෙසේ වෙතත්, මෙම නවතම ලෙගෝ චිත්‍රපටයේ ඔහු සැබෑ ලෙසම රංගනයෙන් දායක වන්නේද නැතහොත් හඬකැවීම් පමණක් සිදුකරන්නේද යන්න මෙන්ම එහි තිරපිටපත, කථා තේමාව හෝ සෙසු නළු නිළියන් පිළිබඳ විස්තර තවමත් නිල වශයෙන් අනාවරණය කර නොමැත.
යුනිවර්සල් සමාගම විසින් 2020 වසරේදී 'ලෙගෝ' සිනමා අයිතිය (Film Rights) තමන් සතු කරගත් අතර, ඉන්පසු ජේක් කැස්ඩන්, පැටී ජෙන්කින්ස් සහ ජෝ කෝනිෂ් වැනි ප්‍රසිද්ධ අධ්යක්ෂවරුන් සමඟ සජීවී චිත්‍රපට කිහිපයක් ප්‍රකාශයට පත් කළ ද ඒවා කිසිවක් සාර්ථකව නිම කිරීමට නොහැකි වුණා.
Deadline වෙබ් අඩවියට අනුව, ලෙගෝ සිනමා අයිතියේ වලංගු කාලය ඉදිරි මාස 6 තුළ අවසන් වීමට නියමිත බැවින්, යුනිවර්සල් සමාගම මෙම කාලය ඇතුළත කෙසේ හෝ චිත්‍රපටයේ වැඩකටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට දැඩි උත්සාහයක නිරත වෙනවා.
මෙම උත්සාහය ද ව්‍යර්ථ වුවහොත් ලෙගෝ සිනමා අයිතිය නැවත වරක් වෙනත් සිනමා සමාගම් වෙත විවෘත වනු ඇති.
ලෙගෝ සන්නාමය මුලින්ම සිනමාපට සඳහා ව්‍යාප්ත වූයේ වෝනර් බ්‍රදර්ස් (Waer Bros) සමාගම යටතේ 2014 වසරේදී තිරගත වූ 'The Lego Movie' චිත්‍රපටය හරහායි.
ෆිල් ලෝර්ඩ් සහ ක්‍රිස් මිලර්ගේ අධ්‍යක්ෂණයෙන් බිහිවූ එය අතිශය සාර්ථක වූ අතර, පසුව 'The Lego Batman Movie', 'The Lego Ninjago Movie' සහ 'The Lego Movie 2: The Second Part' වැනි අනුගාමී චිත්‍රපට සමඟින් ඩොලර් බිලියනයකට වඩා ආදායම් ඉපැයූ සිනමා මාලාවක් බවට පත්වුණා.
කෙසේ වෙතත්, එහි පැමිණි 'The Lego Ninjago Movie' සහ 'The Lego Movie 2' චිත්‍රපට ආර්ථික වශයෙන් අසාර්ථක වීම නිසා වෝනර් බ්‍රදර්ස් සමාගම එහි සිනමා අයිතිය අලුත් නොකර අවලංගු වීමට ඉඩ හැරියා.
ඉන්පසු යුනිවර්සල් සමාගම ලෙගෝ සමඟ සිදුකළ පළමු සහයෝගීතාවය වූයේ සුප්‍රකට ගායක ෆැරල් විලියම්ස්ගේ (Pharrell Williams) ජීවිත කතාව ඇසුරින් මුළුමනින්ම ලෙගෝ සජීවීකරණයෙන් නිර්මාණය කළ "Piece by Piece" චිත්‍රපටයයි.

Latest News
චමරිගේ ශතකයෙන් ලංකාවට ජය
Local
23 June 2026
ගිං ගඟේ අබිරහස් මළ සිරුරක්: දෑත් දෙපා බැඳ කොන්ක්‍රීට් කෑල්ලක් ගැටගසලා
Local
23 June 2026
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
Local
23 June 2026
2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි: අවසන් දිනය ජූලි 16
Local
23 June 2026
රැඳවුම් නියෝග මත සිටි සැකකරුගෙන් ලද තොරතුරකින් පිස්තෝලයක් සහ පතුරොම් සොයාගනී
Local
23 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තවත් සහනයක්
Local
23 June 2026
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් වැසෙයි
Local
23 June 2026
වී මිල පහත හෙළනු එපැයි තිරප්පනේ ගොවින් පාරට බසී
Local
23 June 2026
අනියම් සැමියා කළ වෙඩි තැබීමකින් කාන්තාවකට බරපතළයි
Local
23 June 2026
මහවත්තේ චාමර රිමාන්ඩ්
Local
23 June 2026