එංගලන්ත සංචාරයට ශ්‍රී ලංකා ODI සහ T20 සංචිත නම් කරයි
එංගලන්ත තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් නම් කර තිබෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කළ නිවේදනයට අනුව මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනකට සහ එක්දින ජාත්‍යන්තර තරග තුනකට සහභාගී වීමට නියමිතයි. කණ්ඩායම සැප්තැම්බර් 05 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත බවද එම නිවේදනයේ සඳහන්.ඒ අනුව, එක්දින සංචිතය සඳහා කුසල් මෙන්ඩිස් නායකයා ලෙසත්, චරිත් අසලංක උපනායකයා ලෙසත් නම් කර තිබෙනවා.එක්දින සංචිතයට - පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, දසුන් ශානක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, සචිඳු කොළඹගේ, දුෂ්මන්ත චමීර, එෂාන් මාලිංග, අසිත ප්‍රනාන්දු සහ දිල්ෂාන් මධුශංක ඇතුළත්.මේ අතර T20 සංචිතයේද නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර, චරිත් අසලංක උපනායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.T20 සංචිතයට - පැතුම් නිස්සංක, කමිල් මිෂාර, ලහිරු උදාර, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක, ජනිත් ලියනගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, තරිඳු රත්නායක, දුෂ්මන්ත චමීර, එෂාන් මාලිංග, නුවන් තුෂාර සහ බිනුර ප්‍රනාන්දු ඇතුළත් කර තිබෙනවා.