නවසීලන්තය ලකුණු 118 ක් ඉදිරියෙන්.

Monday, 05 January 2015 - 13:08

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+118+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද නිමාවට පත්වනවිට නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 253 ක් රැස් කරගෙන සිටිනවා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල සිය පළමු ඉනිම සඳහා ලකුණු 221 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 356 ක්. මේ වනවිට නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 118 ක් ඉදිරියෙන් සිටිනවා.