ඩේවිඩ් වෝනර් ලකුණු 63ක් සමගින් ෆිල් හියුස්ගේ මතකයන් සිහිකරයි.

Tuesday, 06 January 2015 - 11:16

%E0%B6%A9%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B7%80%E0%B7%9D%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+63%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%86%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
පසුගිය දිනෙක ක්‍රිකට් ලොවම කම්පාවට පත්කරමින් පන්දුවක් හිසේ වැදීමෙන් හදිසියේම මෙලොවින් වෙන්ව ගිය ෆිල් හියුස්ගේ මතකයන් තවමත් ක්‍රීඩා ලෝලින්ගෙන් මෙන්ම ඔහු සමඟ එකම පිටියේ ක්‍රීඩාකල ක්‍රීඩකයින් අතරින් අමතකව ගොස් නැහැ.

ඒ අයුරින් ෆිල් හියුස්ගේ මතකය නැවතත් ක්‍රීඩා ලෝලින් අතරට ගෙන එන්නට ඩේවිඩ් වෝනර් අද දිනයේ කටයුතු කලේ ක්‍රීඩා පිටියේ සියළු දෙනාගේම නෙත්වලට කඳුලක් එක්කරමිනුයි.

මේ වන විට පැවැත්වෙන ඉන්දු ඕස්ට්‍රේලියා 4වන ටෙස්ට් තරඟය පැවැත්වෙන්නේ ෆිල් හියුස් සෝචනීය ලෙස මියගිය සිඩ්නි ක්‍රිකට් පිටියේයි. අද දිනයේදි එම ක්‍රීඩාංගණයේ ලකුණු 63ක් ලබාගත් ඩේවිඩ් වෝනර් ඉන්පසුව ෆිල් හියුස්ගේ මතකය අවදිකලේ ක්‍රීඩා පිටියේ තණනිල්ලට හාදුවක් දෙමිනුයි.

එම මොහොතේ ක්‍රීඩාංගණය සියළු දෙනා නැගී සිටිමින් ඩේවිඩ් වෝනර් තම සඟයාව සිහිකල අයුරු බලා සිටියේ දෑසට කඳුලක් එක්කරගනිමිනුයි. ඔහු කල ඒ උතුම් ක්‍රියාවට ක්‍රීඩාංගණය දෙවනත් කරමින් අත්පොලසන්නාදයක් දෙන්නටත් ඔවුන් අමතක කලේ නෑ.



\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"