මාධ්‍යයට කතා කළ මාලිංග ක්‍රිකට් ආයතනයට කැඳවයි, එවැන්නක් සිදුවුයේ නැහැ - ගුරුසිංහ

Friday, 23 June 2017 - 8:31

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%91%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%94%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84
සිම්බාබ්වේ සහ ඉන්දිය කණ්ඩායම සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි ඉලක්ක කර ගනිමින් 30 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතයක් ආරම්භ කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

මෙම සංචිතය පසුගියදා (21) පෙරවරුවේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් ආරම්භ කළා.

එහි විශේෂත්වය වුණේ ඔවුන් ශාරීරික යෝග්‍යතාව පිළිබද පරීක්ෂණයකට ද සහභාගී වීමයි.

එහිදී මිටර් 20 ධාවන ඉසව්වේ මුල් ස්ථාන හිමි කරගන්නට සංචිතයේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රිඩකයින් දෙදෙනා වන නුවන් කුලසේකරට සහ ලසිත් මාලිංගට හැකිවී තිබෙනවා.

මේ අතර, ලසිත් මාලිංග පසුගියදා මාධ්‍ය වෙත පළකළ අදහස් සම්බන්ධයෙන් විමසීම සදහා ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවන්නට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබුණා.

එහිදී ශ්‍රි ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ ඒ සම්බන්ධයෙන් මාලිංගගෙන් කරුණු විමසා තිබෙනවා.

කෙසේ නමුත් අප කළ විමසීමකදී ගුරුසිංහ පැවසුවේ එවැන්නක් සිදු නොවූ බවයි.

මේ අතර, සිව් දෙනෙකුගෙන් සමන්විත වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාලය ලබන 30 වැනිදායින් අවසන් වීමට නියමිතයි.

ඒ අනුව නව තේරීම් කමිටුවක් පත් කිරීම කෙරෙහි ද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අවදානය යොමුව තිබෙනවා.

වත්මන් තේරීම් කමිටුවේ එක් සාමාජිකයෙකු පමණක් වෙනස් වීමට වැඩි ඉඩක් ඇති බවයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

මේ අතර, සිම්බාබ්වේ සමග තරගාවලිය ආරම්භ වීමට දින කිහිපයක් පමණක් තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහම් ෆෝඩ් නිවාඩුවක් සදහා දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

යම් හෙයකින් සිම්බාබ්වේ සමග තරගාවලිය ආරම්භ වීමට පෙර ඔහු යළි මෙරටට නොපැමිණියහොත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම අසංක ගුරුසිංහට පැවරෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු පැවසුවා.