Sports30 September 2025

ශ්‍රී ලංකාවට ලකුණු 271ක ඉලක්කයක්

2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු තරගය ලෙසින් පැවැත්වෙන, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 08ක් දැවී ලකුණු 269ක් රැස් කර ගැනීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම ලකුණු 269ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන්, හාර්ලීන් ඩියෝල් ලකුණු 48ක්, ප්‍රතිකා රාවල් ලකුණු 37ක් සහ හර්මන්ප්‍රීත් කෞර් ලකුණු 21ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ඊට අමතරව දීප්ති ෂර්මා ලකුණු 53ක් සහ අමන්ජොත් කෞර් ලකුණු 57ක් රැස් කර ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්, ඉනෝකා රණවීර ලකුණු 46කට කඩුළු 4ක් දවාගත් අතර, අචිනි කුලසූරිය ලකුණු 42කට එක් කඩුල්ලක් දවා ගත්තා.

කෙසේ වෙතත්, තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පන්දුවාට 47කට සීමා වුණා.
Related Recomands
Hiru TV News | Programmes