කාන්තා එක්දින ලෝක කුසලානයේ මංගල තරගය ලෙසින් අද (30) පැවති ශ්‍රී ලංකා - ඉන්දු කාන්තා කණ්ඩායම් අතර තරගය ලකුණු 59කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.
ඒ ලකුණු 271ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45.4ක් අවසානයේ කඩුළු සියල්ල දවාගෙන ලකුණු 211කට සීමා කරමින්.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්, නායිකා චමරි අතපත්තු ලකුණු 43ක්ද, හසිනි පෙරේරා ලකුණු 14ක්ද, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 29ක්ද, විශ්මි ගුණරත්න ලකුණු 11ක්ද, කවීෂා දිල්හාරි ලකුණු 15ක්ද, නිලක්ෂිකා සිල්වා ලකුණු 35ක්ද, අනුෂ්කා සංජීවනී ලකුණු 06ක්ද, සුගන්ධිකා කුමාරි ලකුණු 10ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී ඉන්දීය කාන්තා කණ්ඩායම වෙනුවෙන් දීප්ති ශර්මා කඩුළු 03ක්ද, ස්නේ රානා සහ ශ්‍රී චරණී කඩුළු 02 බැගින්ද, ක්‍රාන්ති ගවුඩ් එක් කඩුල්ලක්ද, අමන්ජොත් කෞර් සහ ප්‍රතිකා රාවල් එක් කඩුල්ල බැගින් දවාගත්තා.
අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවර පහරදීමට ඉන්දියාවට ආරාධනා කළ අතර, එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 08ක් දැවී ලකුණු 269ක් රැස් කර ගැනීමට සමත් වුණා.
තරගය අතරතුරදී පිටියට ද හැළුනු වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 47කට සීමා කිරීමටයි විනිසුරුවරුන් තීරණය කරනු ලැබුවේ.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන්, හාර්ලීන් ඩියෝල් ලකුණු 48ක්, ප්‍රතිකා රාවල් ලකුණු 37ක් සහ හර්මන්ප්‍රීත් කෞර් ලකුණු 21ක් රැස් කර ගැනීමට සමත් වුණා.
ඊට අමතරව දීප්ති ෂර්මා ලකුණු 53ක් සහ අමන්ජොත් කෞර් ලකුණු 57ක් රැස් කර ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්, ඉනෝකා රණවීර ලකුණු 46කට කඩුළු 4ක් දවාගත් අතර, අචිනි කුලසූරිය ලකුණු 42කට එක් කඩුල්ලක් දවා ගත්තා.

Latest News
නීති විරෝධී ගුරුකම් මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගිය ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට
Local
01 October 2025

BYD රථ අවුලට JKCG වෙතින් අලුත් විකල්ප යෝජනා කරයි
Local
01 October 2025

SVAT අද සිට අහෝසි
Local
01 October 2025

ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායකගෙන් සුබ පැතුම්
Local
01 October 2025

බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට
Local
01 October 2025

උදම්මිටදී අණ නොතකා ගිය වෑන්රියකට වෙඩි
Local
01 October 2025

සංවිධානාත්මක අපරාධකරු ශ්‍රීධරන් නෙරංජන් ඩුබායි සිට ගෙන්වා කටුනායකදී අත්අඩංගුවට
Local
01 October 2025

ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්
Local
01 October 2025

'උරුමය' මුවාවෙන් කෝටි 10ක ඔප්පු වංචාවක්: සැකකරුවන් දෙදෙනෙකු CID අත්අඩංගුවට
Local
01 October 2025

පිලිපීනයේ භූකම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මරුට
Local
01 October 2025