එංගලන්තයේදී පැවැත්වීමට නියමිත 2026 අයි.සී.සී. (ICC) කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන නිල පුහුණු තරගාවලිය යටතේ නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබෙනවා.
ඩර්බි (Derby) නුවරදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 143ක අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තා.
නෙදර්ලන්ත ඉනිම ශක්තිමත් කළ හෙදර් සීගර්ස් පන්දු 32කින් ලකුණු 48ක් සහ ස්ටෙරේ කාලිස් ලකුණු 45ක් රැස්කළ අතර, ඉනිමේ අවසාන භාගයේදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නෙදර්ලන්ත අවසන් කඩුලු 4ක් ලකුණු 11ක් තුළ බිඳහෙලීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 2 පන්දුවාර හයක් තුළ ලකුණු 30කට බිඳවැටුණු අතර, අනතුරුව හසිනි පෙරේරා පන්දු 20කින් වේගවත් ලකුණු 31ක් රැස්කරමින් ඉනිම ස්ථාවර කළා.
ඉන් පසු තරගයේ සුක්කානම අතට ගත් හංසිමා කරුණාරත්න සහ නිත්‍ය නායිකා චමරි අතපත්තු වෙනුවට මෙම තරගයේදී කණ්ඩායම මෙහෙයවූ වැඩබලන නායිකා හර්ෂිතා සමරවික්‍රම එක්ව සිවුවැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 81ක දැවැන්ත සබඳතාවක් ගොඩනගමින් අවසාන පන්දුවාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
එහිදී හංසිමා කරුණාරත්න නොදැවී ලකුණු 54ක් සහ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 36ක් රැස්කළා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට පෙර පැවැති පළමු පුහුණු තරගයෙන් පකිස්ථානය පරාජය කළ අතර, මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන් සහභාගී වූ පුහුණු තරග 2ම (2 in 2) ජය ගනිමින් ඉහළ මානසික මට්ටමකින් ලෝක කුසලාන තරගාවලියට අවතීර්ණ වීමට සූදානමින් සිටියි.
2026 කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක මහා තරගය ලබන ජූනි 12 වැනිදා සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එජ්බැස්ටන් (Edgbaston) හිදී පැවැත්වීමට නියමිතයි.

Latest News
"නීතිය හදලා දුන්නොත් පළාත් සභා ඡන්දෙ පවත්වනවා" - ඇමති නලින්ද
Local
13 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුම ඉදිරි පැය 24 තුළ අවසන් අදියරට - පාකිස්ථාන අගමැතිගෙන් හෙළිදරව්වක්
Local
13 June 2026
රුපියල බාල්දු වුණාට ගෙවන්න තියෙන ඩොලර් ණය වැඩි වෙන්නෙ නෑ - නියෝජ්‍ය මුදල් ඇමති
Local
13 June 2026
ස්විට්සර්ලන්ත ජනගහනය සීමා කිරීමේ යෝජනාවට ජනමත විචාරණයක්
Local
13 June 2026
රාජ්‍ය සේවකයින්ට ගෞරවයෙන් වැඩ කරන්න අවශ්‍ය පරිසරය අපි හැදුවා - ඇමති උපාලි
Local
13 June 2026
ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් අනතුරට
Local
13 June 2026
"අපේ කොටි ඩයස්පෝරාව සල්ලි දුන්නේ සලේව අල්ලන්න නෙවෙයි.. මුන්ට ඊ#ම තියා අපිට සරමක්වත් දෙන්න බෑ": මන්ත්‍රී අර්චුනා
Local
13 June 2026
කෙනඩි ප්රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම ඇරඹේ
Local
13 June 2026
මේ වසරේ ඩෙංගු මරණ 23ක්
Local
13 June 2026
දේශපාලනඥයින් පොරොන්දු ඉටුකර නැතැයි මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති
Local
13 June 2026