Sports23 June 2026

ඉරාකය පරදා ප්‍රංශයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්

පාපන්දු කුසලාන තරගාවලියේ 'I' කාණ්ඩය යටතේ අද (23) පැවති මූලික වටයේ තරගයකින් ඉරාක කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජයට පත් කරමින් කැපී පෙනෙන ජයක් වාර්තා කිරීමට ප්‍රංශ කණ්ඩායම සමත් වුණා.

තරගය ආරම්භයේ සිටම ප්‍රංශ ක්‍රීඩකයින් තම ආධිපත්‍යය පැතිරවීමට සමත් වූ අතර, ප්‍රබල ඉරාක ආරක්ෂක වළල්ල බිඳ දමමින් ඔවුන් මෙම විශිෂ්ට ජයග්‍රහණය කරා ගමන් කළා.

කයිලියන් මබාපේ (Kylian Mbappé) තරගයේ 14 වැනි සහ 54 වැනි මිනිත්තුවලදී ගෝල 2ක් ලබා ගනිමින් ප්‍රංශයට ස්ථාවරත්වයක් ලබා දුන්නා.

එසේම උස්මාන් ඩෙම්බෙලේ (Ousmane Dembélé) තරගයේ 66 වැනි මිනිත්තුවේදී ප්‍රංශය වෙනුවෙන් තෙවැනි ගෝලය වාර්තා කළා.

මෙම ජයග්‍රහණයත් සමග ප්‍රංශ කණ්ඩායම තරගාවලියේ ඉදිරි වටය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව තවදුරටත් ශක්තිමත් කරගෙන තිබෙනවා.
Related Recomands
Hiru TV News | Programmes