ඉන්දීය යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශිට (Vaibhav Sooryavanshi) ඉදිරි එංගලන්ත විස්සයි20 සංචාරයේදී එංගලන්ත ආරක්ෂණ රෙගුලාසි (Safeguarding Regulations) හේතුවෙන් වෙනම ඇඳුම් මාරු කිරීමේ පහසුකම් භාවිත කිරීමට සිදුවන බව බ්‍රිතාන්‍යයේ 'ද ගාඩියන්' (The Guardian) පුවත්පත වාර්තා කරනවා.
ලබන සිකුරාදා බෙල්ෆාස්ට්හිදී අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ජාත්‍යන්තර වරම් දිනාගනිමින් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන ලාබාලම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට නියමිත 15 හැවිරිදි සූර්යවංශි, ඉන් අනතුරුව තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියක් සඳහා එංගලන්තය බලා යාමට නියමිතයි.
'ද ගාඩියන්' පුවත්පතට අනුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ආරක්ෂණ රීති සහ එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ (ECB) රෙගුලාසිවලට අනුව වයස අවුරුදු 16ට අඩු ක්‍රීඩකයින්ට වැඩිහිටි ක්‍රීඩකයින්ගේ ඇඳුම් මාරු කරන කාමර භාවිත කිරීම තහනම් කර තිබෙනවා.
මේ හේතුවෙන් එංගලන්ත සංචාරයේදී සියලුම ක්‍රීඩාංගණවල සූර්යවංශි වෙනුවෙන් වෙනම පහසුකම් සැලසීමට පියවර ගනු ඇති.
කෙසේ වෙතත්, තරග පැවැත්වෙන අතරතුර සහ කණ්ඩායම් රැස්වීම්වලදී ඉන්දීය ක්‍රීඩාගාරය (Dressing Room) තුළ රැඳී සිටීමට ඔහුට අවසර හිමිවන අතර, මෙම සීමාව බලපැවැත්වෙන්නේ තරගවලට පෙර සහ පසුව ක්‍රීඩකයින් ඇඳුම් මාරු කරන අවස්ථාවලදී පමණයි.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය ආරක්ෂණ පියවරයන් තහවුරු කිරීම සඳහා එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) සහ ක්‍රීඩාංගණ බලධාරීන් සමග සමීපව කටයුතු කරමින් සිටින බව ද එම වාර්තාවේ සඳහන්.
තවද, මෙම සංචාරය පුරාම සූර්යවංශිගේ දෙමාපියන් ද ඔහු සමග රැඳී සිටිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
පසුගියදා නිමාවූ අයි.පී.එල් (IPL) තරගාවලියේදී මෙන්ම ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමට එරෙහිව පන්දු 29කින් ලකුණු 94ක් රැස්කරමින් ඉන්දියා 'ඒ' කණ්ඩායම වෙනුවෙන් දැක්වූ සුපිරි දක්ෂතා හේතුවෙන් වෛභව් සූර්යවංශි වර්තමාන ක්‍රිකට් ලොවේ නැගී එන දීප්තිමත් යොවුන් තරුවක් ලෙස අවධානයට ලක්ව තිබෙනවා.

Latest News
"අපේ ගම්මිරිස් ඇටේක සැර ගන්න වියට්නාම ගම්මිරිස් ඇට 04ක් හපන්න ඕනි" - නි. ඇමති නාමල්
Local
24 June 2026
"අපි 150ට වී ගත්තොත් මෝල්හිමියෝ හාල් මිල වැඩි කරනවා" - ඇමති ලාල්කාන්ත
Local
24 June 2026
කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල මාර්තු කාර්තුවේ ඉපැයීම් 11.4%කින් පහතට - First Capital Research
Local
24 June 2026
සූර්යවංශිට එංගලන්තයේදී වෙනම ඇඳුම් මාරු කරන කාමරයක්
Local
24 June 2026
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි නගර සභා උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ
Local
24 June 2026
ඉරානයේ ප්‍රකාශය අසත්‍ය නම් සාකච්ඡා වහාම අවසන් කරනවා - අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් හොර්මූස් සමුද්‍ර සන්ධිය ගැන දැඩි අනතුරු ඇඟවීමක්
Local
24 June 2026
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රීරෝද රථයක සහ ගොඩනැගිල්ලක ගැටෙයි: පස් දෙනෙකු රෝහලට!
Local
24 June 2026
වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දඹුල්ලේදී ජනතාව උද්ඝෝෂණයක!
Local
24 June 2026
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
Local
24 June 2026
බෝබුවල මනුෂ්‍ය ඝාතනය: වසර 20 කට පසු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම!
Local
24 June 2026