Sports25 June 2026

ස්කොට්ලන්තය පරදා බ්‍රසීලයට විශිෂ්ට ජයක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ C කාණ්ඩයේ තරගයක් ලෙස අද (25) පැවැති බ්‍රසීලය සහ ස්කොට්ලන්තය අතර තරගය ජය ගැනීමට බ්‍රසීලය සමත් වුණා.

ඒ ගෝල 3 - 0 ක් වශයෙන්.

බ්‍රසීලය වෙනුවෙන් පළමු සහ දෙවැනි ගෝල දෙක ලබාගැනීමට Vinícius Júnior 7', 45+3' සමත් වුණා.

පසුව තුන්වැනි ගෝලය Matheus Cunha විසින් 60 වැනි මිනිත්තුවේදී ලබා ගත්තා.

ස්කොට්ලන්තයට තරගය පුරා කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකි වූයේ නැහැ.

අනතුරුව දකුණු අප්‍රිකාව සහ දකුණු කොරියාව අතර තරගය මෙන්ම චෙකියාව සහ මෙක්සිකෝව අතර තරගය පෙරවරු 6:30ට ආරම්භ වීමට නියමිතයි.

ඒ පිළිවෙලින් එස්ටාඩියෝ මොන්ටෙරේ, ග්වාඩලුපේ ක්‍රීඩාංගණයේදී සහ මෙක්සිකෝහි මෙක්සිකෝ සිටි ක්‍රීඩාංගණයේදීයි.
Related Recomands
Hiru TV News | Programmes