පාපන්දු කුසලාන තරගාවලියේ 'D' කාණ්ඩය යටතේ අද (26) පැවති මූලික වටයේ තරගයකින් අමෙරිකානු කණ්ඩායම ගෝල 3-2ක් ලෙස පරාජයට පත් කරමින් කැපී පෙනෙන ජයක් වාර්තා කිරීමට තුර්කිය සමත් වුණා.
තරගය ආරම්භයේ සිටම දෙපිලෙන්ම අතිශය වේගවත් ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශයක් දැකගත හැකි වූ අතර, තරගය ආරම්භ වී 3 වැනි මිනිත්තුවේදීම අමෙරිකාව වෙනුවෙන් Auston Trusty පළමු ගෝලය වාර්තා කරමින් ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.
කෙසේ වෙතත්, 10 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ තුර්කියේ Arda Güler දක්ෂ ලෙස ගෝලයක් ලබා ගනිමින් තරගය සම තත්ත්වයට පත් කළා.
ඉන් නොනැවතුණු තුර්කි කණ්ඩායමේ Barış Alper Yılmaz 31 වැනි මිනිත්තුවේදී තවත් ගෝලයක් රැස් කරමින් පළමු අර්ධය නිමා වන විට තුර්කියට 2-1ක පෙරමුණක් ගෙන දුන්නා.
දෙවැනි අර්ධය ආරම්භයේදීම යළිත් තරගයට අවතීර්ණ වූ අමෙරිකානු කණ්ඩායමේ Sebastian Berhalter 49 වැනි මිනිත්තුවේදී අලංකාර ගෝලයක් වාර්තා කරමින් ලකුණු තත්ත්වය 2-2ක් ලෙස යළිත් සම කිරීමට සමත් වුණා.
තරගය ජය පරාජයකින් තොරව අවසන් වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළ ද, තරගයේ අතිරේක කාලයේදී (90+8' මිනිත්තුවේදී) තුර්කියේ Kaan Ayhan විසින් එල්ල කරන ලද ප්‍රහාරය සමග තුර්කියට ගෝල 3-2ක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිවුණා.
Latest News
GMOA නව සභාපති ලෙස විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව පත් කෙරේ
Local
27 June 2026
ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූකම්පනයක්
Local
27 June 2026
පාසල් රග්බි ලීග්: ශාන්ත අන්තෝනි විද්‍යාලය පරදවා ශාන්ත තෝමස් විද්‍යාලයට ජය
Local
27 June 2026
පාසල් රග්බි ලීග්: ප්ලේට් ශූරතාව ශාන්ත ජෝසප් විද්‍යාලයට
Local
27 June 2026
පාසල් රග්බි ලීග්: සහිරා විද්‍යාලය පරදවා ඉසිපතන විද්‍යාලයට තියුණු ජයක්
Local
27 June 2026
පාසල් රග්බි ලීග් ශූරතාව ත්‍රිත්ව විද්‍යාලයට
Local
27 June 2026
හෙටත් ප්‍රදේශ රැසකට වැසි
Local
27 June 2026
යතුරුපැදි දෙකක් හා ටිපර් රථයක් ගැටී තරුණයෙක් මරුට: තවත් අයෙක් රෝහලේ
Local
27 June 2026
යතුරුපැදිය දුරකථන කණුවක ගැටී 16 හැවිරිදි සිසුවා මරුට
Local
27 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී ටැංකි නෞකාවකට ප්‍රහාරයක්
Local
27 June 2026