Sports26 August 2026

රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළි පළමු තැනට

ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග යළි හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය තහවුරු කරගෙන තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර දෙවැනි ස්ථානය දක්වා පසු බැස සිටි රුමේෂ් නවතම ශ්‍රේණිගත කිරීම්වල දී ජූලියන් වෙබර් දෙවැනි ස්ථානය දක්වා ඇද දමා තිබෙනවා.

ඒ ප්‍රසාද ලකුණු 1363ක් ලබා ගනිමින්. ඒ අනුව ඔහු දෙවැනි ස්ථානයේ රැඳෙන ප්‍රසාද ලකුණු 1342ක් ලබා සිටින ජුලියන් වෙබර්ට වඩා ලකුණු 21ක් ඉදිරියෙනුයි පසුවන්නේ.

මෙම ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානයේ මේ වන විට පසුවන්නේ ග්‍රෙනේඩියානු ක්‍රීඩක ඇන්ඩර්සන් පීටර්ස්.

කෙසේ නමුත් ඉකුත් දා නිමා වූ ඩයමන් ලීග් තරගාවලියේ රුමේෂ්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ඉන්දියානු ක්‍රීඩක නිරාජ් චොප්රා රැඳී සිටින්නේ හය වැනි ස්ථානයේයි.

ඒ ප්‍රසාද ලකුණු 1301ක් ලබා ගනිමින්.
Related Recomands
Hiru TV News | Programmes