Update: කටුනායක ගින්න ඇති වුනේ විදුලියෙන්ද ?

Monday, 13 April 2015 - 9:18

Update%3A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%3F
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රධානපෙලේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක අද (13) උදෑසන හටගත් ගින්න මේ වනවිට මැඩ පවත්වා තිබෙනවා. ගින්නෙන් එම කර්මාන්ත ශාලාවට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

අද උදෑසන අටට පමණ මෙම ගින්න හටගත්තේ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පළමු අදියරේ කර්මාන්ත ශාලාවකයි. අලූත් අවුරුද්ද වෙනුවෙන් මෙම කර්මාන්ත ශාලාවේ සේවකයින්ට අද දිනයේ නිවාඩු ලබාදී තිබූ නමුත් ගින්න ඇතිවන අවස්ථාවේ සේවකයින් පිරිසක් සහ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් එහි සිට තිබෙනවා. ගින්න නිවීම සඳහා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ගිනි නිවීම් ඒකකයේ සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් කඩිනමින් එම ස්ථානයට පැමිණියා. කෙසේ වෙතත්, මීගමුව මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ සේවකයින් එම ස්ථානයට නොපැමිණි බවයි කර්මාන්ත ශාලාවේ සේවකයින් හිරු වාර්තාකරු වෙත ප්‍රකාශ කළේ.



Update : Monday, 13 April 2015 - 11.12
....................................................................

කටුනායක ගින්න නිවයි

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රධානපෙලේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක අද උදෑසන හටගත් ගින්න මේ වනවිට මැඩ පවත්වා තිබෙනවා. ගින්නෙන් එම කර්මාන්ත ශාලාවට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. අද (13) උදෑසන අටට පමණ මෙම ගින්න හටගත්තේ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පළමු අදියරේ කර්මාන්ත ශාලාවකයි. අලූත් අවුරුද්ද වෙනුවෙන් මෙම කර්මාන්ත ශාලාවේ සේවකයින්ට අද දිනයේ නිවාඩු ලබාදී තිබූ නමුත් ගින්න ඇතිවන අවස්ථාවේ එහි ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් එහි සිට තිබෙනවා. විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. 

Update : Monday, 13 April 2015 - 9:18
.................................................................

කටුනායක විශාල ගින්නක්

කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක අද (13) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ගින්න නිවීමේ සඳහා ආයෝජන කලාපයේ පිහිටුවා ඇති ගිනි නිවීමේ ඒකකය සහ කටුනායක ගුවන් තොටුපල ගිනි නිවීමේ ඒකකය කැඳවා ඇති බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories