Update : හිටපු ජනපති මහ මැතිවරණයට - පක්ෂය රහසක්

Wednesday, 01 July 2015 - 7:33

Update+%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට සූදානම් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද (01) ප්‍රකාශ කළා. ඒ වීරකැටිය - මැදමුලනේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.



කෙසේ වෙතත් මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන පක්ෂයකින්ද යන්න ඔහු හෝ එම ස්ථානයට පැමිණ සිටි වෙනත් මන්ත්‍රීවරයෙකු හෝ හෙළි කළේ නැහැ.



විශේෂ ප්‍රකාශය සිදුකරමින් රැස්ව සිටි පිරිස ඇමතූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ තමන් සතුව ඇත්තේ ජනතා විශ්වාසය පමණක් බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් සිදුකළත් ඔහු කුමන පක්ෂයකින් තරඟ කරන්නේද නැද්ද යන්න පිළිබඳව තවමත් ස්ථිර ප්‍රකාශයක් නිකුත් වී නැහැ. ඒ පිළිබඳව අප හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේගෙන් කරුණු විමසුවා. ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයටද ඉදිරිපත් වන බවයි.

මේ අතර  අධි ඇසළ පොහොය යෙදෙන අද (01) පෙරවරුවේ මහින්ද රාජපක්ෂ ආගමික වතාවත්වලද නිරතවුණා.





























(ඡායාරූප - සනත් ගමගේ)

Update: Wednesday, 01 July 2015 - 14:25
--------------------------------------------------

මහින්ද මැතිවරණයට එන බව මැදමුලනේ සිට කියයි


ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට සූදානම් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ අද (01) මැදමුලනේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය පමණක් නොව එක්සත් ජාතික පක්ෂය මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණ ද නියෝජනය කරන දේශප්‍රේමි ජනතාවට ඒ සඳහා අත්වැල් බැඳ ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියා. බහුතර ජනතාවගේ තීරණයට හිස නමන බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා ජනතාවගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි බවයි සඳහන් කළේ. තමා දිනා ගත්තේ ජනතාවගේ හදවත් පමණක් බවත් ඔහු එහිදී අවධාරණය කළා. රට වෙනුවෙන් ඉදිරි මැතිවරණයේදී තරඟ කරන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී තවදුරටත් සඳහන් කළේ.අඩුපාඩු නිවැරදි කරගෙන මව්බිමට ආදරය කරමින් ඉදිරියට යාම සඳහා එක්වන ලෙස ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළා.  

හෙතෙම මෙලෙසද ප්‍රකාශය කළා ....

රට යළි භාරගන්නැයි මේ සියලු දෙනා කරන ඉල්ලීම මම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. රට වෙනුවෙන් මාතෘ භූමිය වෙනුවෙන් මහා මැතිවරණයට තරග කළ යුතුයැයි කරන ඉල්ලීම මම එක සිතින් පිළිගන්නවා. ඒ අනුව අප ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරනවා. පසුගිය ජනවාරි 8 වැනිදා ජනපතිවරණ ප්‍රතිඵලවලින් පසුව බොහෝ දෙනා හඬා වැලපුණා. ලිප පත්තු කළෙත් නෑ. එදා අඩකුඹු වුණු ජාතික කොඩිය මේ පොළවේ යළි කෙළින් කර ඔසවන බව මා කියන්න කැමති.  ‘මෙම වෙහෙසකර ගමනේදී මා හැර නොගොස් ආශිර්වාදය ආරක්ෂාව දුන් හැමටම මගේ හිස නමනවා. ප්‍රණාමය පුද කරනවා. අප අතින් සිදුවූ අඩුපාඩු නිවැරදි කරගෙන අද මේ ඇසල පෝ දිනයේ නායක සංඝයාවහන්සේලාගේ ආරාධනය පිළිගෙන ඉදිරියට යනවා. ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් සමග අත්වැල් බැඳගෙන ඉදිරියට යන්න පියවර ගන්න ඕනෑ. එක්සත් ජාතික පක්ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඇතුළු දේශපාලන පක්ෂවල සහෝදරත්වයෙන් ඉල්ලා සිටිනවා අප සමග එක්වන්න, ඔබගේ සහයෝගය ලබාදන්න කියලා ‘

මෙම අවස්ථාවට එක්ව සිටි හිටපු මන්ත්‍රීවරියන් සහ මන්ත්‍රීවරුන් මෙලෙසය..

හිටපු කථානායක චමල් රාජපක්ෂ
කුමාර වෙල්ගම
මහින්දානන්ද අලූත්ගමගේ
රෝහිත අබේගුණවර්ධන
එස්.එම්.චන්ද්‍රසේන
ආර්. දුමින්ද සිල්වා
මාලනී ෆොන්සේකා
පවිත්‍රා වන්නිආරච්චි
කමලා රණතුංග
ටී.බී.ඒකනායක
ජොන්ස්ටන් ප්‍රනාන්දු
කෙහෙළිය රඹුක්වැල්ල
චන්දිම වීරක්කොඩි
විමල් වීරවංශ
දිනේෂ් ගුණවර්ධන
නිශාන්ත මුතුහෙට්ටිගම
තිස්ස කරලියැද්ද
මනූෂ නානායක්කාර
තිස්ස විතාරණ
සරණ ගුණවර්ධන

සබරගමුව මහඇමති මහීපාල හේරත් මෙන්ම උතුරුමැද හිටපු මහඇමති එස්.එම්.රංජිත් ඇතුළු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූ අතර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙන්ම, හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා ද අද මැදමුලනට පැමිණ සිටීම විශේෂත්වයක්. එසේම, අතිවිශාල පිරිසක් ද මෙම අවස්ථාව දැක බලා ගැනීම සඳහා මැදමුලනට පැමිණ සිටියා.


Update : Wednesday, 01 July 2015 - 14:33
.............................................................................................

හිටපු ජනපති මහින්දගේ මැදමුලනේ විශේෂ ප්‍රකාශය අද

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (01) වීරකැටිය - මැදමුලනේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට කියා සිටියේ පෙරවරු 11 යි 10ට හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකරන බවයි. ඔහුගේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙල එහිදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. එළඹෙන මහමැතිවරණයට අගමැති අපේක්ෂකයා ලෙස තරඟ කරන්නැයි හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම සඳහා හිටපු මැතිඇමතිවරුන් පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් ඇතුළු පිරිසකගෙන් සමන්විත රථ පෙරහරක් ද අද උදෑසන දෙවිනුවර විශ්ණු දේවාලය ආසන්නයෙන් ආරම්භ කර මැදමුලන දක්වා ගමන් කිරීමට නියමිතයි.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා වශයෙන් පිළිගැනීම හෝ ප්‍රකාශයට පත් කිරීම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදුකර නොමැති බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා.  ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නිදහස් පක්ෂ අපේක්ෂකයින් තේරීමේ කටයුතු මේ සතියේ සිකුරාදා අවසන් කරන බවයි. අගමැති අපේක්ෂකත්වය පිළිබඳ ජනාධිපතිවරයා කිසිදු එකඟතාවක් ප්‍රකාශ කර නැතැයිද එහි සඳහන්. නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරි ඡන්දය ජයගතහොත් අගමැතිවරයෙකු පත් කරන්නේ මන්ත්‍රීවරුන්ගේ අදහස් මත බවද එම නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.  

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කණ්ඩායම් නායකයා ලෙස ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල ඊයේ අනාවරණ කළා. ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහනුවරදී හිටපු ජනාධිපතිවරයා හමුවී කළ සාකච්ඡාවෙන් අනතුරුවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සන්ධාන මහ ලේකම්, නිදහස් පක්ෂ මහ ලේකම් සහ විපක්ෂ නායකවරයා පෙරේදා කළ සාකච්ඡාවේ ප්‍රතිඵල හිටපු ජනාධිපතිවරයා වෙත ඊයේ දැනුම්දුන් බවද කෙහෙළිය රඹුක්වැල්ල හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා. ඊයේ සාකච්ඡාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේගේ නිවසේදී පැය දෙකකට අධික කාලයක් පැවැත්වුණා.   

මේ අතර, මාවනැල්ල - අලූත්නුවර දේවාලයේ ඊයේ පැවති උත්සවයකට එක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ වත්මන් පාලනය යටතේ රුපියලේ අගයද පහළ වැටෙමින් පවතින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories