ලොකු ලොකු පක්ෂ නාම යෝජනා දීම අරඹයි

Friday, 10 July 2015 - 19:28

%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් අද (10) නාම යෝජනා භාර දී තිබෙනවා.

යාපනය දිස්ත්‍රික්කය සදහා එක්සත් ජාතික පක්ෂය අද පස්වරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාම යෝජනා භාර දී තිබෙනවා. ඒ, ඇමතිනී විජේකලා මහේෂ්වරන් විසින්. මෙවර මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් රැසක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද සිය නාම යෝජනා සඳහා අත්සන් තැබුවා.

මේ අතර, බදුල්ල දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා අද පෙරවරුවේ භාර දෙනු ලැබුවේ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා විසින්.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර මහමැතිවරණය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයන් රැසක් ද අද සිය නාම යෝජනා පත්‍රවලට අත්සන් තැබුවේ මහවැලි කේන්ද්‍රයේදියි.  හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නිදහස් සන්ධානය යටතේ තරඟ වැදීම සඳහා කථානායක චමල් රාජපක්ෂ ද අද සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවා. නාම යෝජනා අත්සන් කර පිටතට පැමිණීමෙන් පසුව කථානායකවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න රැසක් විමසා සිටීම ද විශේෂත්වයක්.           

ජනතා විමුක්ති පෙරමුණ කළුතර, පුත්තලම, පොළොන්නරුව සහ වව්නියාව දිස්ත්‍රික්ක සඳහා අද පෙරවරුවේ නාම යෝජනා භාර දී තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නාම යෝජනා භාර දෙනු ලැබුවේ දිස්ත්‍රික් කණ්ඩායම් නායක සමන්ත කෝරළේආරච්චි විසින්.

දෙමළ ජාතික සන්ධානය ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක සඳහා අද පස්වරුවේ නාම යෝජනා භාර දුන්නා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයකොඩි සදහන් කළේ අද දිනයේ සියලූම දිස්ත්‍රික්ක සඳහා නාම යෝජනා ලබාදී අවසන් කළ බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කළුතර, කුරුණෑගල, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා අද නාම යෝජනා භාර දුන්නා. ඊට අමතරව ඊ.පී.ඞී.පී. සංවිධානය යාපනය, වව්නියා සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක සදහා අද නාම යෝජනා ලබාදී ඇති බව සදහන්. සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයටත්, ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ සංවිධානය මහනුවර දිස්ත්‍රික්කයටත්, එක්සත් මහජන පක්ෂය කෑගල්ල දිස්ත්‍රික්කයටත් නාම යෝජනා භාර දී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories