ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුළු විය හැකි පක්ෂ නියෝජිත සංඛ්‍යාව ඉහළට #GenElecSL

Monday, 03 August 2015 - 19:34

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+%23GenElecSL
කොටහේනේදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් විශ්වාසය පළ කළා. ඔහු මේ බව කියා සිටියේ මැතිවරණ කොමසාරිස්වරයා සමඟ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මෙම සාකච්ඡාවට මෙවර මැතිවරණය සඳහා තරඟ කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් මෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන් ද එක්ව සිටියා.               

මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නීතිඥවරුන් දෙදෙනෙකු එක්ව සිටි අතර, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් එක්වුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් සාකච්ඡාවට එක්වූ හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුළු විය හැකි පක්ෂ නියෝජිතයින්ගේ සංඛ්‍යාව වෙනස් වූ බවයි. ඒ අනුව 10 දෙනෙකුට වැඩි අපේක්ෂකයින් සංඛ්‍යාවක් සිටින දිස්ත්‍රික්ක සඳහා නියෝජිතයන් 6 දෙනෙකුට මෙවර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ඇතුළුවීමට අවස්ථාව හිමි වනවා. එමෙන්ම අපේක්ෂකයින් 12 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සිටින දිස්ත්‍රික්ක සඳහා නියෝජිතයින් 7 දෙනෙකුට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඇතුළුවීමට අවස්ථාව හිමිව ඇති බවයි හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා සදහන් කළේ.

මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අද ආරම්භ වූ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු සාමකාමී අයුරින් පැවති බව නිරීක්ෂණ සංවිධාන පවසනවා. අද දිනයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කළ හැක්කේ පොලිස් නිලධාරීන් කලාප සහ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල මෙන්ම සියලූම ගුරුවරුන් සඳහායි. තැපැල් ඡන්දය භාවිතා කිරීමට නොහැකි වූ පොලිස් සහ අධ්‍යාපන සේවයේ නිලධාරීන්ට මේ මස 8 වනදා ද තමන් දැනට රාජකාරියේ නිරත වන දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය භාවිතා කළ හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළා. ඒ, තමන් දැනට රාජකාරියේ නිරතවන දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරිවරයා වෙත තම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඉදිරිපත් කිරීමෙන්.

අනෙකුත් රජයේ සේවකයන් සඳහා මේ මස 5 සහ 6 යන දිනයන්හිදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව පවතිනවා. එමෙන්ම මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ  මේ මස 8 වනදායි. මෙවර තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රජයේ සේවකයින් පන්ලක්ෂ 67 දහස් 291 ක් සුදුසුකම් ලබා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories