A/L සිසුන් දෙදෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි

Tuesday, 11 August 2015 - 19:18

A%2FL+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
විභාග ශාලාවට ජංගම දුරකථන රැගෙන ආ සිසුන් දෙදෙනෙකුගේ උසස් පෙළ විභාග ප්‍රතිඵල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.  

මඩකලපුව - කෝට්ටෙයි - නල්ලූර් මහා විද්‍යාලයේ සහ කල්මුණේ අල්මාතාර් මධ්‍ය විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානවල ජංගම දුරකථන භාවිතා කළ  සිසුන් දෙදෙනෙකුගේයි මෙලෙස විභාග ප්‍රතිඵල තහනම් කර ඇත්තේ. එමෙන්ම කල්මුණේ අල්මාතාර් මධ්‍ය විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයාද  රාජකාරි කටයුතුවලින් ඉවත් කිරීමටද විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මේ අතර මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් වෙනස් කර සමාජජාල වෙබ් අඩවියට මුදාහල ගම්පහ ප්‍රදේශයේ පාසලක ශිෂ්‍යාවක් පිළිබඳවද තොරතුරු අනාවරණ වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස, දෙවන කොටස ලෙස ඇඟවෙන පරිදි ඇය සමාජජාල වෙබ් අඩවියට එක් කර ඇත්තේ එම කොටසට අදාළ විභාග ප්‍රශ්න පත්‍රය  නිකුත් වීමටත් පෙරයි.  ඇය ඊට සමාව අයැද සිටියද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories