ජාතික ආණ්ඩුවද? විපක්ෂයද? කැමති තැනක් තෝරාගන්න - ජනපති නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට දන්වයි

Monday, 24 August 2015 - 7:34

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%AF%3F+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%AF%3F+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැමති මන්ත්‍රීවරුන්ට ජාතික ආණ්ඩුවකට එක්විය හැකි බවත්, ඊට අකමැති මන්ත්‍රීවරුන්ට පක්ෂය විවේචනය නොකර, කල්ලි නොගැසී විපක්ෂයේ රැදී සිටිය හැකි බවත් ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා. පක්ෂ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා සහ නිදහස් පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතර ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේ පැවැති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළ බවයි ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ. අදාළ සාකච්ඡාව පළාත් මට්ටමින් පැවැත්වීමද විශේෂත්වයක්.

පක්ෂයේ සමඟියට හානියක් නොකර පක්ෂය රැකගනිමින් ඉදිරියට කටයුතු කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ.

සාකච්ඡාව නිමවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට සූදානම් බවයි.

තමන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවයි සාකච්ඡාව නිමවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories