විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය අනුරට ?

Thursday, 03 September 2015 - 14:17

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%96%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%3F
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා ජනතා විමුක්ති පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ නම යෝජනා වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළා. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පත් කළ බව කථානායකවරයා විසින් අද උදෑසන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා වෙත ලැබෙනු ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ද හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. විපක්ෂ නායකවරයා විසින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය පිළිබඳව කථානායකවරයාට දැනුම්දීමෙන් පසු ඔහු ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories