ඉරානය ගැන සෞදි රජු සහ ඔබාමා සාකච්ඡාවක

Saturday, 05 September 2015 - 9:43

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%BB%E0%B6%A2%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
සෞදි අරාබියේ රජු ලෙස කිරුළු පැළදීමෙන් පසු සිය ප්‍රථම ඇමරිකානු සංචාරය ලෙස වොෂින්ටන් නුවරට ගිය සල්මාන් රජු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඊයේ මුණ ගැසුණා. එහිදී ඔවුන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඇමරිකාව ඇතුළු බටහිර බලවතුන් ඉරානය සමඟ න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමකට එළඹීම ඊශ්‍රායලයේ සහ සෞදි අරාබියේ විරෝධයට ලක්වී තිබෙනවා. ඉරාකයේ, සිරියාවේ සහ යේමනයේ සිවිල් යුද්ධ සහ ඒ නිසා පැන නැගුණු මානුෂීය අර්බුදය සම්බන්ධයෙන් ද සෞදි රජු සහ ජනාධිපති ඔබාමා සාකච්ඡා කළ බව සදහන්. සාකච්ඡාවලින් අනතුරුව සෞදි රජයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ඉරානය, සෞදි අරාබියට තර්ජනයක් නොවන බවට ඇමරිකාව ලබාදුන් සහතිකය පිළිබඳ සෑහීමකට පත්විය හැකි බවයි. යුද නෞකා දෙකක් ඇතුළු ඇමරිකානු ඩොලර් කෝටි 100ක් වටිනා යුද උපකරණ ඇමරිකාවෙන් ලබා ගැනීම පිළිබඳව ද සෞදි රජු, ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories