කැළණි ගඟට තෙල් යැවීමෙන් රජයට ලක්ෂ 1340ක පාඩුවක්

Wednesday, 07 October 2015 - 19:54

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F%E0%B6%A7+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+1340%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පෞද්ගලික සමාගමක් කැළණි ගඟට තෙල් මුසුකිරීමේ සිද්ධිය නිසා රාජ්‍ය ආයතනවලට රුපියල් ලක්ෂ 1340 ක පමණ පාඩුවක් සිදුව ඇතැයි නගර සැලසුම් සහ ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් අද (07)  පාර්ලිමේන්තුවේදී කියා සිටියා. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ඊයේ ස්ථාවර නියෝග යටතේ නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලෙසයි.

ජලයට, අදාළ කර්මාන්ත ශාලාවේ දැවි තෙල් මුසු වී ඇති අතර,

ජල සම්පාදන මණ්ඩලයට රුපියල් මිලියන 131ක්,
මධ්‍යම පරිසර අධිකාරියට රුපියල්  මිලියන 1.5ක් සහ
සමුද්‍රීය පරිසර අධිකාරියට රුපියල් මිලියන 2ක් ද පාඩු වී තිබෙනවා.

කෙසේ වෙතත්, එම අපවිත්‍ර ජලය පානය කළ පාරිභෝගික ජනතාවට වන්දි ලබාදීමක් හෝ ඔවුන්ට ජලය සම්බන්ධයෙන් ලබාදෙන සහතිකය කුමක්දැයි මෙහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විමසා සිටියා.

මේ අතර, විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ පාර්ලිමේන්තු කටයුතුවලදී මුහුණදෙන ගැටලූ සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අද කතානායක කරූ ජයසූරියගේ අවධානය යොමුකළා. එහිදී කතානායකවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාකර ඉදිරි සතියේදී තම තීරණය දැනුම්දෙන බවයි. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල එම සංවාදයට මැදිහත්වීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක්ද මතුවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories