පලස්තීන රොකට්ටුවක් ඊශ්‍රායලයට පතිත වෙයි

Saturday, 10 October 2015 - 10:54

%E0%B6%B4%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9C%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගාසා තීරයේ පලස්තීන සන්නද්ධ කණ්ඩායම් එල්ල කළ රොකට් ප්‍රහාරයක් ඊශ්‍රායලයට අද අලූයම් කාලයේ පතිත වූ බව එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කළා. ජනාවාස ප්‍රදේශයකට පතිත වුවද ඉන් කිසිවෙකුට හානියක් සිදුව නැහැ. ඊයේ දිනයේ පලස්තීන ගාසා තීරයේ සීමා පවුර අසළ දී පලස්තීනුවන් 6 දෙනෙකු ඊශ්‍රායල හමුදා වෙඩි පහරින් මිය ගොස් තිබෙනවා. පලස්තීනුවන් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ අතර ගැටුම් මෑතක සිට උත්සන්න වුණා. පලස්තීන ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයන් 4 දෙනෙකු පසුගිය සතිය තුළ මිය ගිය අතර, බටහිර ඉවුරේ සහ ජෙරුසුලමේ ඇති වූ ගැටුම්වලින් පලස්තීනුවන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories