දේශපාලන පලිගැනීම්වලට අනිවාර්ය නිවාඩු යැවූ ආරක්ෂක ප්‍රධානීන් යළි සේවයට

Saturday, 24 October 2015 - 21:23

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%96+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%B1%E0%B7%8A++%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
2010 ජනාධිපතිවරණයෙන් අනතුරුව, දේශපාලන පලිගැනීම්වලට ලක්ව අනිවාර්ය නිවාඩු යැවූ ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිලතල දැරූ පිිරිසක් යළි සේවයේ පිහිටුවීමට රජය සූදානම් වනවා. ඒ අනුව, 1994 න් පසුව දේශපාලන පලිගැනීම්වලට ලක් වූ රාජ්‍ය සේවකයින් පිළිබඳව කටයුතු කෙරෙන ආයතනික කටයුතු පිළිබඳ කැබිනට් අනුකාරක සභාව මේ සම්බන්ධයෙන් වන නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

සම්ප්‍රදාය අනුව එලෙස අනුකාරක සභාව මගින් ඉදිරිපත් කරන නිර්දේශ කැබිනට් මණ්ඩලයේ දී යළි අනුමත විය යුතුයි.

ආයතනික කටයුතු පිළිබඳ කැබිනට් අනුකාරක සභාවේ සභාපතීත්වය අමාත්‍ය විජේදාස රාජපක්ෂ දරණ අතර එහි සෙසු සාමාජිකයින් වන්නේ අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රවී කරුණානායක, රංජිත් මද්දුම බණ්ඩාර සහ ඇමතිනි තලතා අතුකෝරාලයි.

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ රාජ්‍ය සේවකයන්ගේ පැමිණිලිවලට අනුව මෙම කැබිනට් අනුකාරක සභාව මගින්, ඔවුන් යළි සේවයේ පිහිටුවීම සහ වන්දි ලබාදීම වැනි සුදුසු ක්‍රියාමාර්ගයක් ගනු ලබනවා.

ඒ අනුවයි 2010 ජනාධිපතිවරණයෙන් අනතුරුව දේශපාලන පළිගැනීම්වලට ලක්ව අනිවාර්ය නිවාඩු යැවූ හමුදා නිලධාරින් පිරිසක් යළි සේවයේ පිහිටුවීමට අවධානය යොමුව ඇත්තේ.

රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ ඒ අතර හමුදා නිලධාරින් 40 දෙනෙකු පමණ සිටින බවයි. ඔවුන් ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව නියෝජනය කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories