UPDATE: කැළණිය විශ්වවිද්‍යාල පරිපාලනයට දොස්

Wednesday, 18 November 2015 - 13:37

UPDATE%3A+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7++%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A
කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් එහි පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් අද (18) විරෝධතාවක නිරත වුණේ විශ්වවිද්‍යාල පරිපාලනය සරසවියේ කටයුතු නිසි අයුරින් පවත්වාගෙන නොයන බව පවසමින්. ඔවුන් අද පස්වරු 1 ට පමණ උපකුලපතිවරයා පරිපාලන ගොඩනැගිල්ලේ සිටියදී එය වටකරමින් විරෝධතාවයේ නිරත වුණා.  

පසුව ඔවුන් පරිපාලන ගොඩනැගිල්ල අසලින් පැමිණ කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ උද්ඝෝෂණයක නිරතවීමෙන් අනතුරුව විසිර ගියා.

එමෙන්ම, මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට විරෝධය පළ කරමින් රුහුණු සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන්ද අද මාතර බස් නැවතුම්පොල ඉදිරිපිටදී සත්‍යග්‍රහයක නිරතවුණා.



Update: Wednesday, 18 October 2015 - 19:13
-----------------------------------------------------

කැළණියේ සිසුන් පරිපාලන ගොඩනැගිල්ල වටලයි

ඉල්ලීම් 21 ක් මුල් කරගනිමින් කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මේ වනවිට එහි ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල වටලමින් විරෝධතාවක නිරතවනවා. එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ සිසුන් පරිපාලන ගොඩනැගිල්ලට ඇතුලූවීමට හෝ පිටවීමට කිසිවෙකුටත් අවස්ථාවක් ලබා නොදෙන බවයි. මේ අතර රැකියා විරහිත උපාධිධාරී සංගමයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ - ලෝටස් පාරේ - ගාලූ මුවදොර ප්‍රවේශය ලෝටස් වටරවුමෙන් මේ වනවිට වසා දමා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories