බස් රථ දෙකක් එකට ගැටී 17ක් රෝහලේ (ඡායාරූප)

Tuesday, 01 December 2015 - 15:44

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+17%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් හා  මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස්රථයක් මුහුණට මුහුණලා ගැටි බස් රථ දෙකේම ගමන් ගත් මගින් දාහත්දෙනෙකු   ගිනිගත්හේන සහ වටවල  රෝහල් වලට  ඇතුලත් කර තිබෙනවා.

අද පස්වරු 1.30 ට පමණ මෙම අනතුර  සිදුවි ඇත්තේ හැටන් කොළඔ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදිය පෞද්ගලික බස් රථය ලිස්සා ගොස් ඉදිරියෙන් පැමිණි ලංගම බස් රථයේ ගැටි මෙම අනතුර සිදුවි ඇති බවයි අනතුර පිළිබද පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය පවසන්නේ.  මෙම අනතුරෙන්  බස් රථ දෙකෙහිම රියදුරන්ද තුවාල ලැබා රෝහල් ගත කර තිබෙනවා.

ගිනිගත්හේන  රෝහලට ඇතුලත්  කළ තුවාලකරුවන් දෙදෙනෙකුගේ  සහ වටවල රෝහලට ඇතුලත් කළ තුවාලකරුවන් සිවිදෙනෙකුගේ තත්ත්වය බරපතල නිසා ඔහුන් නාවලපිටිය මුලික රෝහලට මාරු කර යවා තිබෙනවා.





























(ඡායාරූප - රංජිත් රාජපක්‍ෂ)



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories